Wednesday, January 30, 2013

විකාර ඇමති මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල බර ජනතාවට දරන්න වෙනවා


ඊයේ (28) සිදුකෙරුනේ රාජපක්ෂ පවුලට බැලමෙහෙවරකම් කරන්නන්ට ඇමති පදවි දෙන්න ගෙනා සංශෝධනයක් මිස එය කිසිදු විද්‍යාත්මක පදනමක සිට රටේ ආර්ථිකය ඉලක්කකර ගෙනා සංශෝධනයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ අද (29) පෙරවරුවේ බත්තරමුල්ලපැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ ජනමාධ්‍ය හමුවේදීය. එහිදී විජිත හේරත් මහතා
දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළවේ.
"සාමාන්‍යයෙන් රටක ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගනිමින් තමයි අමාත්‍ය මණ්ඩලය පත්කරනු ලබන්නේ. ඒ වගේම අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමේදී විද්‍යාත්මක ක‍්‍රමයක් අනුගමනය කළ යුතු වෙනවා. රටක සමාජ සංවර්ධනයභෞතික සංවර්ධනය ඉලක්ක කරගනිමින් තමයි එම විද්‍යාත්මක ක‍්‍රමවේදය සකස් කළ යුත්තේ. නමුත් අපේ රටේ කැබිනට් මණ්ඩලය පත්කිරීමේ එවැනි කිසිදු විද්‍යාත්මක පදනමක් අනුගමනය කරන්නේ නැහැ. රාජපක්ෂ පවුලට බැලමෙහෙවරකම් කරන අයට ඇමතිකම් ලබාදීම තමයි මේ ආණ්ඩුවේ එකම පදනම වෙන්නේ. එයින් රටේ ජනතාවට අහිතකර බලපෑම් එල්ල වෙලා තිබෙනවා.
ආණ්ඩුවේ අය දැනටමත් විවිධ කරුණු ඉදිරිපත් කරමින් ඉන්නවා මේ ඇමති මණ්ඩලයේ පත්කිරීම් ගැන. කෙසේ වුවත් මේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීම පවුල් පාලනයට ආවඩන කේවට්ටකම් කරනකඬේ යනඅයට ඇමතිකම් දීමට සිදුකරපු පත්කිරීමක්. පසුගියවර පත්කළ ඇමති මණ්ඩලයත් එහෙම එකක්. වන සංරක්‍ෂණය එක ඇමතිවරයෙකුටත්වන ජීවින් තව ඇමතිවරයෙකුටත් බාර දුන්නා. මෙවරත් සත්තු ටික සොයිසට දීලාකැලේ සුසිල්ට බාර දුන්න. කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරවයි මෙම පත්කිරීම් සිදු කළේ. එවැනි ඇමති මණ්ඩලයකින් කොහොමද රටක් සංවර්ධනය කරන්නේ. රට වලපල්ලට යනඑක නවත්වන්න මේ ඇමති මණ්ඩලයට පුළුවන්ද?
බලශක්ති අමාතත්‍යාංශයත් ඇමතිවරු ගණනාවකට වෙන්කර තිබෙනවා. දෝෂාභියෝග යෝජනාව බාර දුන්නු පවිත‍්‍රාට විදුලි බල අමාත්‍යංශය බාර දීලා එයාගේ බලය වැඩි කළා. දෝෂාභියෝගය විභාගයට ලක්කළ තේරීම් කාරක සබාවේ සභාපති වූ අනුර පි‍්‍රයදර්ශන යාපාට ඛනිජ තෙල් අමාත්‍යංශය දීල එයාගේ බලය වැඩි කළා. ඒ වෙලාවේ උදව් කරපු අය බලගන්වන්න තමයි මේ ඇමති පදවි ටික දීල තියෙන්නේ. නැතුව අපේ රටේ බල ශක්තිය වැඩි දියුණු කරන්න හෝ විද්‍යාත්මක පදනමින් ව්‍යාපෘති හදන්න මේ ආණ්ඩුවට වුවමනාවක් නැහැ. විදුලිබල අමාත්‍යංශය යටතේ තිබූ පුනර්ජනීය බලශක්ති නිෂ්පාදනය පවිත‍්‍රාගෙන් ගලවලා සුසිල්ට දීලා තියෙනවා. ඔහුගේ අමාත්‍යංශය පරිසර හා පුනර්ජනීය බලශක්ති අමාත්‍යංශයයි. මෙම අමාත්‍යංශවල කෙටිකාලීන හෝ දිගු කාලීන ව්‍යාපෘති යෝජනා නැහැ. විකාර විගඩම් ඇමති මණ්ඩලයක් බවට පත්වෙලා. ලෝකයේ ආශ්චර්යමත් විහිළුව බවට පත්වෙලා. ඇමති මණ්ඩලය පත්කිරීමේදී අපේ රටේ භෞතික හෝ මානව සම්පත සංවර්ධනය පිළිබඳව කිසිදු තැකීමක් කර නැහැ.
හදිසියේ ඇමති මණ්ඩලය සංශෝධනයක් ආණ්ඩුවට වුවමනා වුනේ ඇයිඇත්ත හේතුව ජනතාව දැනගන්න කැමැත්තෙන් ඉන්නවා. අමාත්‍යංශ දුර්වල වෙලා හෝ ඇමතිවරු අකාර්යක්‍ෂම නිසා හෝ නොවෙයි. සමහරුන්ගේ කොටස් අයින් කිරීමටත් සමහරුන්ගේ බලය වැඩි කිරීමටත් ආණ්ඩුවට වුවමනා වුනා. අධ්‍යාපන ඇමති බන්දුලගේ අමාත්‍යංශයෙන් කොටසක් ඉවත් කර අධ්‍යාපන සේවා යනුවෙන් නව කැබිනට් ඇමති ධූරයක් හදලා තියෙනවා. එය දුමින්ද දිසානායකට බාර දෙනවා. පසුගිය දිනක කැබිනට් මණ්ඩලයේදී නිල ඇඳුම් බෙදාදීම සම්බන්ධයෙන් ගත් තීන්දුවකට බන්දුල ගුණවර්ධන තම විරෝධය පළකොට තිබෙනවා. එයට පිළිතුරක් වශයෙන් තමයි අධ්‍යාපන සේවා ඔහුගෙන් ඉවත් කරන්නේ.
මෙම පත්කිරීම් හමුවේ වුවත් අධ්‍යාපනයට කණගාටුදායක තත්වයක් උදාවෙලා. අධ්‍යාපනයට පමණක් ඇමතිවරු දෙදෙනයිනියෝජ්‍ය ඇමතිවරු දෙදෙනයිඅධීක්‍ෂණ මන්තී‍්‍රවරයයි ඇතුළුව පස් දෙනෙකු ඉන්නවා. නමුත් 2011 උසස් පෙළ විභාගයේ ඉසෙඞ් ලකුණු මත ලකුණු මට්ටම් තීරණය කිරීමට ආණ්ඩුවට තවමත් නොහැකිවෙලා තියෙනවා. මාස 16ක පමණ කාලයක් ගතවී තිබුණත් ආණ්ඩුවට තවමත් ශිෂ්‍යයින්ගේ අනාගතයට බලපාන මෙම කරුණ සම්බන්ධයෙන් තීරණයක් ගන්න බැරිවෙලා තිබෙනවා. නමුත් ආණ්ඩුව සිසුන් සඳහා හමුදා පුහුණුව ආරම්භ කොට තිබෙනවා. එම සිසුන් තවමත් දන්නේ නැහැ තමන් යන්නේ කුමන විශ්ව විද්‍යාලයටද කියලා. ඒ වගේම තමයි පාසැල් අධ්‍යාපනයේ ප‍්‍රාථමික අධ්‍යාපනය සංවර්ධනයේ කොටස ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට බාර දීලා. ප‍්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘති සිදුකරනු ලබන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන්. ඇත්තටම ගත්තොත් අධ්‍යාපනය කෑලි කෑලිවලට කඩලා තියෙන්නේ.
හිටපු විදුලිබල ඇමතිවරයා පුන පුනා කිව්වා විදුලිබල මණ්ඩලය ලාබ ලබන ආයතනයක් බවට පත්කරනවා කියලා. රට අඳුරේ තබන්නේ නැහැ කිව්වා. අන්තිමට වුණේ විදුලි බිල වැඩිවුණා. විදුලි බලය නැතිවුණා. අලුතෙන් ආරම්භ කළ ව්‍යාපෘති සියල්ල අසාර්ථක වුණා. අන්තිමට ඔහුගේ ප‍්‍රකාශ කයිවාරුවක් පමණක් බවට පත්වුණා. අන්තිමට ඔහු තාක්‍ෂණ හා පර්යේෂණ කටයුතු ඇමති බවට පත්වුණා.
දැන් තවත් අලූත් ඇමතිකෙනෙක් රටට ඉන්නවා. සීනි කර්මාන්ත ඇමති. ඉදිරියට පරිප්පුපොල්හාල් ඇමතිලත් බිහිවෙන්න පුළුවන්. මේ කැබිනට් එක ජම්බෝ කැබිනට් එකක් විතරක් නෙවෙයි. ඉලාස්ටික් ජම්බෝ කැබිනට් එකක්. හිතු හිතු වෙලාවට අලූත් ඇමතිවරු පත්කරනවා. අලූත් විකාර විගඩම් පෙන්වමින් ඉන්නවා. ජනතාව බඩු මිල වැඩිවෙලා අසීරුතාවයට පත් වෙලා ඉන්න මොහොතේ ජනතාවට විනෝදය සපයන්න පොදු විනෝද කටයුතු ඇමති පදවියකුත් පත්කරලා. ජනතාවට කෙසේ වෙතත් ජයරත්න හේරත්ට ඒ ඇමතිකමින් විනෝද වෙන්න පුළුවන්. පිරිහෙනගරා වැටෙන පවුල් පාලනය ආරක්‍ෂා කරගන්න කඬේ යන පුද්ගලයින්ට ඇමති පදවි ලබාදෙනවා හැර වෙන කිසිදු වුවමනාවක් මෙම පත්කිරීම් ඇතුළේ නැහැ.
නව පත්කිරීමත් සමඟ ජනාධිපතිඅගමැති ඇතුළුව ජ්‍යෙෂ්ඨ ඇමතිවරු 67ක් ඉන්නවා. ඊට අමතරව සියලූ වරප‍්‍රසාද සහිතව කැබිනට් නොවන අමත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය ඇමතිවරු 28 දෙනෙක් ඉන්නවා. මෙම ඇමතිවරුන් 69 දෙනාට කාර්ය මණ්ඩලය 1035 දෙනෙකු ඉන්නවා. නියෝජ්‍ය ඇමතිවරු 28 දෙනාට කාර්ය මණ්ඩලය 280ක් ඉන්නවා. මෙම ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලය සංයුක්ත වන්නේ බිරින්දෑවරුන්ගෙන්සහෝදර සහෝදරියන් ඇතුලු ඥාති පරපුරෙන්. ඔවුන්ට රැකියා අවස්ථා ලබාදෙන්න මෙය හොඳ අවස්ථාවක්. වාහනනිල නිවාසඉන්ධන වියදම් ඇතුළු සියලු පහසුකම් මේ අය වෙනුවෙන් ලබාදෙනවා. ඒ සියලු පහසුකම්වල බර ජනතාව මත පැටවෙනවා. එම වියදම් පියවා ගන්නේ ජනතාව ගෙවන බදු මුදල්වලින්. විකාර ඇමති මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල බර ජනතාවට දරන්න වෙනවා. මේ අතරතුර තමයිඅත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අධික ලෙස වැඩිවෙමින් තිබෙන්නේ.
2012 ජනවාරි සිට හැම මාසයකදීම වාගේ ජාත්‍යන්තර ඇමතුම් බදුසීනි පරිප්පු සුදු ළුණුතෙල් වර්ග වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවලට බදුඉන්ධන මිල මගී ප‍්‍රවාහන ගාස්තුමාසික විදුලි බිල්පත්තී‍්‍ර රෝදයතුරු පැදි ආනයන බදුමධ්‍යසාර-දුම්වැටි බදුනිවාස ණය පොලී,එළවලු තිරිඟුපිටිපළතුරු මිල ගණන්ගෑස්පිඟන් භාණ්ඩ ජල ගාස්තු ඇතුළු සියලූම භාණ්ඩවල මිල ගණන් ඉහළ ගියා. ආණ්ඩුවේ බඩුමිල කැලැන්ඩරයේ හැම මාසයකදීම භාණ්ඩ මිල වැඩිවෙමින් තිබෙනවා. විවාහ ගාස්තු රුපියල් 1000 සිට රුපියල් 5000 දක්වා වැඩිවුණා. මරණ සහතිකය රුපියල් දෙදහක් බවට පත්වුණා. ඔප්පු ගාස්තු රුපියල් 500ක් බවට පත්වුණා. පල්ලියේ විවාහ කටයුතු වලදී රුපියල් 25 මුද්දර ගාස්තුව රුපියල් 750 බවට පත්වුණා. ඉදිරියේදී විදුලි බිල වැඩිවීමට නියමිත බව මාධ්‍ය වාර්තා පළවුණා. එම සියලු බර ජනතාව මත පැටවෙමින් තිබෙනවා. නව බස්ගාස්තු සංශෝධන එන්න නියමිතව තිබෙනවා. මේවන විට සියලූම එළවලු රුපියල් 300 අධික මිල ගණන්වලට පත්වෙලා තිබෙනවා. ජනතාවට විකාර,විගඩම් කතා කියන ඇමති මණ්ඩලයක් බවට ආණ්ඩුවේ ඇමති මණ්ඩලය පත්ව තිබෙනවා. ආණ්ඩුවේ සැලසුමක් නැතිකමින් එළවලු මිල ගණන් වැඩි වෙලා තිබෙනවා. අතරමැදි නාඩි කල්ලියක් බඩුමිල වැඩිවෙන්න හේතුවෙලා කියලා ආණ්ඩුව චෝදනා කරනවා. එහෙමනම් රටකට ආණ්ඩුවක් අවශ්‍යවෙන්නේ නැහැ. ඒ නිසා මේ විකාර කතා කියන ආණ්ඩුවේ අත්තනෝමතික පාලනයේ වෙනස් කිරීම සඳහා රටේ ජනතාව පෙළගැහෙන්න ඕන."

No comments:

Post a Comment