Wednesday, January 30, 2013

පෙරටුගාමීන් එල්.ටී.ටී.ඊ.ය සමග රහසේ වැඩ කිරීම අත් හරී


පෙරටුගාමීන්ව පිළිගන්නේනම් ඉදිරියේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග එකට දේශපාලනය කිරීමට තම සංවිධානය සූදානම් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා පහුගිය සති අන්තයේ (සෙනසුරාදා) ස්වීස්ටර්ගන්තයේ සුරිච්හි පැවති පෙරටුගාමී පක්ෂයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේය. ඉකුත් සති අන්තයේ ස්වීස්ටර්ලන්තයට පැමිණි කුමාර මහතා එහි වෙසෙන සිංහල දෙමළ ජාතීන් වෙනුවෙන් සම අයිතිය ව්‍යාපාරයේ ශාඛාවක් පිහිටුවීම සිදු කල අතර එහිදී එම පිරිස
අමතා කුමාර ගුණරත්නම් මහතා කල දේශණයේදී මෙසේ ප්‍රකාශ කළේය. එහිදී දෙමළ මාධ්‍ය වේදියෙක් ඔබලා කොටි සංවිධානය සමග එකට වැඩ කරනවාදැයි විමසූ විට කුමාර ගුණරත්නම් මහතා ප්‍රකාශ කලේ පෙරටුගාමීන්ව පිළිගැනීමට කොටි සංවිධානය සූදානම් නම් ඔවුන් සමග එකට දේශපාලනය කිරීමට තම සංවිධානය සූදානම් බවයි. මෙම පුවත ස්වීස්ටර්ලන්තයේ අද පුවත් වාර්තාකරු 2012.01.23 අද පුවත්පතට ලබාදුන් වාර්තාවෙන් උපුටා ගන්නා ලද්දකි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ඉතාලිය, මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව යන තැන්හි ශාඛා වන් ඇති අතර එවැනි තැනක සම අයිතිය ව්‍යාපාරය ගොඩනගනවාට වඩා දෙමළ ඩයස්පෝරාව ශක්තිමත් ස්වීස්ටර්ලන්තයේ සම අයිතිය ව්‍යාපාරය ගොඩ නැගීම බරපතල ගැටලුවකි. මේ පිළිබදව ඔවුන්ගේ මාධ්‍ය නිවේදනයක දැක්වුනේද කුමාර් මහතා  සම අයිතිය ව්‍යාපාරයේ ස්විට්සර්ලන්ත ශාඛාව පිහිටුවීම ඇතුළු දේශපාලන කටයුතු කිහිපයක් සදහා යුරෝපයේ සිදුකළ සංචාරය අතරතුර මෙම ප්‍රකාශය කල බවයි. 

No comments:

Post a Comment