Wednesday, December 5, 2012

ඒකාධිපති පවුල් ආණ්ඩුව අධිකරණ බලතල ගැනීමට විරුද්ධව උද්ඝෝෂණ


ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කරන''අධිකරණයට එරෙහි ප‍්‍රහාර හෙළා දකිමුප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙළ ගැසෙමු'' යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීම් හා උද්ඝෝෂණයන් දිසා අධිකරණවල නිතිඥවරුන්වෘත්තීයවේදීන් , ව්‍යාපාරිකයන්,බහුජන නියෝජිතයන්සිවිල් පුරවැසියන්ගේද සහභාගීත්වයෙන් (04) දින සවස 02ට කුරුණෑගල හා අනුරාධපුර නගර මධ්‍යයේ පවත්වා ඇත.

ජනතා දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදා අනුරාධපුර කුරුණෑගල නගරවල බෙදා ඇති අතර අනතුරුව ඔවුන්ගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණ ආරම්භ කර තිබේ. උද්ඝෝෂකයින් "එකාධිපති පවුල් බලය පරදවමු" බලතල පවුලට නීතිය කණ පිට, අධිකරණයට අත නොතබනු, ප්‍රජාතන්ත්‍රවාදය රැක ගමු ආදී සදහන්  ප‍්‍රචාරක පුවරු ඔසවමින් හඩ නගා සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වී ඇත. ඔවුන්ට පොලිස් බාධා කිරීම්ද සිදුව තිබේ.



කුරුණෑගල පැවති උද්ඝෝෂණය අවසානයේ මාධ්‍යට අදහස් දැක්වු  ජවිපෙ  හිටපු පාර්ලීමෙන්තු මන්තී‍්‍ර නාමල් කරුණාරත්න මහතා පවසා සිටියේ "අද පාර්ලීමේන්තුවේ තුනෙන් දෙකෙ බලය විධායකය විසින් වරදාන වරප‍්‍රසාද ලබා දී නිර්මාණය කරගත් ව්‍යාජ එකක් බැවින් නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ වගේ සියල්ලම පත්කරන්නේත්කි‍්‍රයාත්මක කරන්නේත් ජනාධිපතිවරයාගේ උවමනාව මතයි. එබැවින් අද වනවිට නිතීය ගරු නොකරනසදාචාරමය වශයෙන් රට පිරීහීමට ලක්වී ඇති තත්වයට පත් වෙලා. ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ආණ්ඩුව නිතීපති දෙපාර්තමේන්තුව සිය විධායක බලය යටතේ පාලනය කරන ආයතනයක් බවට පත් කරගෙන තිබෙනවා. එමනිසා රටේ අනාගතයයහ පැවැත්ම වෙනුවෙන්ප‍්‍රජාත්ත‍්‍රවාදය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම දේශපාලන දෝෂාභියෝගය පැරදවීමට පක්ෂ-පාට බේධජාති-ආගම් භේද නොසලකා රටේ ජනතාව එක්විය යුතුයි" යනුවෙන් ප්‍රකාශ කරන ලදි.

No comments:

Post a Comment