Wednesday, December 5, 2012

යාපනය විශ්වවිද්‍යාලයේ ගැටළුව බෑන් කීන් මූන්ට කියයි


දකුණේ සටන් කරුවන්ට මෙරට ඒකාධිපති පවුල් ආණ්ඩුවේ කුරිරු කම් අවධාරණය කරවා ගැනීමට කිසිවෙක් නොමැති අතර සංවිධානයවීම සමගිවීම සටන් කිරීම හැර අන් මගක් නොමැති වුවද උතුරේ සටන් කරුවන්ට නම් තමන්ගේ දුක් ගැනවිලි කීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෑන් කීන් මූන් හිදී. මෙම ආණ්ඩුවේ කුමන හෝ කුරිරු කමකට බෑන් කීන් මූන් ගෙන් සාමය ඉල්ලීම උතුරේ සිරිතයි.
යාපනය සරසවියේ සිසුන්ට පහරදී ඔවුන්ව අත්අඩංගුවේ තබා
ගැනීමට විරෝධය පා උද්ඝෝෂණයක් 04 දින පැවැත්විය. දෙමළ සිසුන්ගේ නිදහස වෙනුවෙන් දෙමළ පාර්ශිකයන් මෙසේ යාපනයේදී එක්රැස්විය. දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් ඇරයුම්කළ ජන විරෝධතාවයට දෙමළ ජාතික සන්ධානය, වානිජ සංගමය, සරසවි ශිෂ්‍ය සංගමය, ගුරු සංගමය, වෛද්‍යවරු සංගමය, නීතීඥවරුන්ගේ සංගමය වැනි බොහෝ පාර්ශිකයන් මතභේද අමතක කොට සිසුන් වෙත එල්ලවන පහරදීම හෙලාදැක හා ඔවුන්ගේ නිදහස අවධාරණය කර එකලෙසින් විරෝධතාවක් පැවත්වුවෝය.
පෙරවරු 11ට පමණ යාපනය මධ්‍යම බස් නැවතුම්පල ඉදිරිපිට එක්රුස්වූ උද්ඝෝශකයන් පැය එකහමාරක කාලයක් පමණ විරෝධතාවල නිරතවී සිටියෝය. මෙහිදි දකුණේ සිට නව සමසමාජ පක්‍ෂය, නව වමාංශික පෙරමුණ, ප්‍රජාතාන්ත්‍රක ජනතා පෙරමුණ, නව ප්‍රජාතාන්ත්‍රක මාර්ක්ස් ලෙනින් පක්‍ෂය ඇතුළු බොහෝ පාර්ශිකයන් සෘජුව සහභාගිවී සිටියෝය.

යාපනය සරසවි සිසුන්ට පහරදීම හෙලාදැක හා අත්තඩංගුවට පත්වී සිටින සිසුන්ව නිදහස්කරන්නයි ඉල්ලා අද දින පැවති උද්ඝෝෂණයෙන් අනතුරුව සියළු පක්‍ෂයන්, සරසවි ගුරු සංගමය, දෙමළ සිවිල් සමාජය, නීතීඥවරුන්ගේ සංගමය, ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්, සරසවි සිසුන්, සිවිල් ජනතාවද අත්සන් තබා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යවන ලද වාර්තාව මෙහිදි ඉදිරිපත් කර තිබේ.


 එම වාර්ථාව මෙසේය

දෙමළ දේශපාලනික හා සිවිල් සමාජයක් වන අප මෑතකාලක් තිස්සේ යාපනය සරසවි සිසුන්ට එරෙහිව දියත් කර තිබෙන ප්‍රචණ්ඩත්වය සම්බන්‍ධයෙන් ඔබතුමන්ගේ අවධානය යොමු කිරීම සඳහා මෙම වාර්තාව ඉදිරිපත් සිටින්නෙමු.

2009 මැයි මසින් පසු යාපනය සරසවි ශිෂ්‍ය සමාජයට එරෙහිව දියත්කර තිබෙන ප්‍රචණ්ඩත්වයන්හි කෙටි ලැයිස්තුව පහත සඳහන්වේ.

01- 2011 ඔක්තෝම්බර් මස යාපනය ශිෂ්‍ය සංගමයෙහි එවකට නායක සුප්පරමනියම් තවබාලසිංගම් හමුදා බුද්ධි අංශය විසින් සරසවියෙහි සිට මීටර 500ක දුරින් පිහිටි ස්ථානයකදී උල් ආයුධවලින් පහරදීමට ලක්විය.

02- 2012- මැයි 18 යාපනය සරසවියේදි මුල්ලිවායිකාල් දිනය සිහිපත් කිරීම සම්බන්‍ධ උත්සවයක් පැවත්වීම කඩාකප්පල් කිරීම සඳහා යාපනය සරවි ශිෂ්‍ය සංගමයෙහි ලේකම් පරමලිංගම් දර්ශනාත් සරසවියෙහි සිට මීටර 200ක දුරින් පිහිටි ස්ථානයකදී හමුදා බුද්ධි අංශ නිළධාරීන් විසින් ආයුධවලින් පහරදී තිබුණි.

03- 2012-11-27 දින නිළ ඇඳුමින් පැමිණි 75කට අධික හමුදා සෙබළුන් හා සිවිල් ඇඳුමින් පැමිණි 50කට අධික බුද්ධි අංශ නිළධාරීන්ද යාපනය සරසවියෙහි පිරිමි, කාන්තා නේවාසිකාගාරවලට ඇතුල්වී විශේෂයෙන් කාන්තා නේවාසිකාගාරතුලට අනවසරයෙන් ඇතුල්වී එම සිසුවියන්ව ඉතා මිලේඡ ලෙස තර්ජනයකර තිබේ. 

04- 2012-11-28 වැනි දින 27වැනිදා සිඳුවූ සිද්ධිය සම්බන්‍ධයෙන් සරසවි ප්‍රදේශයේදී සාමකාමීව උද්ඝෝශනයෙහි යෙදුනු සිසුන් වෙත ආයුධ රැගත් පොලීසිය හා හමුදාව පහරදී තිබේ.

05- 2012-11-29 හා 2012-11-30 වැනි දින යාපනය සරසවියට ආසන්නයෙහි සතියකට පෙර ඉදිකළ ආණ්ඩුවට පක්‍ෂපාති පක්‍ෂයක් වන රෙලෝ පක්‍ෂයෙහි කාර්‍යාලයට ප්‍රහාරයක් එල්ලකර ඇතයි බොරු චෝදනාවක් පෙන්වා සරසවි සිසුන්වන කනගසුන්දරසාමි, සන්මුහම් සොලමන්, ගනේසමූර්ති සුදර්සන් හා පරමලිංගම් දර්ශනාත් යන සිසුන්ව ත්‍රිස්ත විමර්ශන අංශය විසින් අත්තඩංගුවට ගෙන මෙම වාර්තාව ලියනතෙක් වවුනියාවෙහි රඳවුම්භාරයේ තබා තිබේ. තවද සරසවි සිසුන් බොහෝ දෙනෙකුව හා පසුගිය කාලයේදී සරසවි ශිෂ්‍ය සංගමයෙහි සාමාජිකයන් ලෙස සිටි ආධි ශිෂ්‍යන්වද අත්තඩංගුවට ගැනීම සඳහා පොලීසිය එම සිසුන්ව සොයමින් සිටිති.

06- 2012-11-28 දිනට පසු යාපනය සරසවියට යන ප්‍රධාන මාරගය වන රාමනාදන් මාර්ගයෙහි දෙපස මාර්ග බාධක යොදා මුහුණ ආවරණය කරගත් 50කට අධික හමුදා සෙබළුන් හා පොලීසිය ස්ථානගතකර තිබේ. සරසවියෙහි ශ්‍රේෂ්ට ආචාර්‍යවරුන් ඇතුළු සරසවි සමාජය පොලීසිය විසින් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව සරසවියතුලට යෑමට අවසර ලබාදෙමින් සිටිති.

(සටහන - සරසවි සිසුන්ට සරසවියට පිටතින් හා ඇතුලින් හමුදා බුද්ධි අංශය විසින් දුරකථනය ඔස්සේද සෘජුවද දිගටම බලපෑම් එල්ලකරමින් සිටියි. මෙම ලැයිස්තුවට ප්‍රධාන සිද්ධියන් කිහිපයක් සඳහන්කර ඇති නමුත් දිනපතා ශිෂ්‍ය නායකයන් හා සරසවි ප්‍රජාව රජය යාන්ත්‍රිකයන් විසින් එල්ලකරන බලපෑම් ගැන ලැයිස්තුගත කර නොමැත. විශේෂයෙන් සරසවි ගුරු ප්‍රජාවට එරෙහිව හා සරසවියෙහි ස්වාධිනත්වයට එරෙහිව රාජ්‍ය යාන්ත්‍රි විසින් දිගටම එල්ලවන අභියෝග සම්බන්‍ධයෙන් මෙහි දීරඝ ගැන උදෙසා සඳහන් නොකළෙමු.)

යාපනය සරසවි ප්‍රජාව දෙමළ ජාතියෙහි අයිතිවාසිකම් අරගලය වෙනුවෙන් එහි ආරම්භ කාලය සිටම ඉතා කැපවීමෙන් සහයෝගය ලබාදෙමින් සිටිති. දෙමළ ජාතික දේශපාලනය මඟ පෙන්වීමට උපදෙස් හා ක්‍රියාශීලි සහයෝගය යාපනය සරසවි ගුරුවරුන් හා ශිෂ්‍ය ප්‍රජාව විසින් දිගටම ලබාදී තිබේ. මෙවැනි සහයෝගයක් නැති කිරීමටද සරසවි ප්‍රජාව නිහඞ කිරීමටද කාලයෙන් කාලයට රාජ්‍ය යාන්ත්‍රිය උත්සහදරමින් තිබේ. එහි කොටසක් වශයෙන් යුද්ධයෙන් පසුවූ වාතාවරණයතුල දිගටම මෙම සමාජයට එරෙහිව එල්ලවෙන ප්‍රචණ්ඩත්වය දැකිය හැක.

යුද්ධයෙන් පසුවූ කාලයතුල සිඳුවන ප්‍රජාතාන්ත්‍රක විරෝධි මෙවන් ප්‍රචන්ඩත්වය හා බලපෑම්වලට එපිට දෙමළ ජාතියෙහි පැවත්ම දිගටම තුරන් කිරීමේ වැඩපිළිවලක එක් කොටසක් ලෙස මෙය තිබේ. මියගිය පිරිස සිහිපත් කිරීමේ අයිතිය, ප්‍රකාශණ අයිතිය, එක්රැස්වීමේ අයිතිය, වැනි අයිතිවාසිකම් උල්ලංගනයවීමට මෙවැනි සිද්ධියන් උදාහරණයක් ලෙස තිබේ. තවද දෙමළ ජනතාවගේ ආවේනික දේශපාලනය ඔවුන්ගේ දේශය යන ස්ථාවරයෙහි දේශපාලනික පැවත්ම නැති කිරීමේ අරමුණින් රාජ්‍ය යන්ත්‍රිය යුද්ධයට පෙර හා පසු ක්‍රියාකරන බවට අප සිතන්නෙමු. මෙය ජාතියන්තර ප්‍රජාව වටහාගත යුතුයි.

ශ්‍රී ලංකාව සම්බන්‍ධයෙන් මේවනතෙක් ජාතියන්තර ප්‍රජාව විසින් ගන්නාලද ස්ථාවරයන් මව්බිමයෙහි ජීවත්වන ජනතාවගේ ජීවිතයෙහි කිසිම ප්‍රගතියක් ඇතිකර නොමැති බව ඉතා කණගාටුවෙන් පවසා සිටින්නෙමු. යුද සමයේදී දෙමළ ජනතාවන් විනාශවීම බලාගෙන සිටි ජාතියන්තර ප්‍රජාව දැනටත් අප දේශයට එරෙහි සිඳුවන හිංසාවන් බලා නිහඞව සිටීමෙන් ජාතියන්තර ප්‍රජාව කෙරෙහි විස්වාසය තවඳුරටත් බාධාවෙන ලෙස තිබේ.

තමිල්නාඩු තරුණ ප්‍රජාව හා ජාතියන්තරව සංග්‍රාමිකව ජීවත්වන දෙමළ තාරුණ්‍ය වෙත ඉල්ලා සිටින්නේ

දෙමළ සිසුන් ඇතුළු මව්රටයෙහි ජනතාව විදින දුක් පීඩාව ජාතියන්තරයෙහි අවධානයට යොමු කිරීම සඳහා දිගටම උත්සහකළ යුතු බවත් දිගටම උද්ඝෝශන අරගල පැවත්විය යුතු බවත් ඉල්ලා සිටින්නෙමු.

අප ජාතියන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ

01- දෙමළ ජනතාවගේ ජාතික ස්ථාවර අයිතිවාසිකම තහවුරු කිරීම
02- දෙමළ සිසුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම හා විශේෂයෙන් තම දේශපාලනික ක්‍රියාකාරකම් අයිතිවාසිකම පෙන්වීමට පරිසරටක් ඇති කිරීම
03- දෙමළ ප්‍රදේශවල ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් බලපැවත්වීමේ පරිසරයක් උදාකිරීම
04- ඉහත (1),(2),(3) සඳහන්වූ පරිසරය ඇති කිරීමට අත්‍යවශ්‍ය ප්‍රථම පියවරවන දෙමළ ජනතාවගේ දේශය, මව්බිම, ස්වාධීන අයිතිය පිළිගැනීම

මීට සමගාමීව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය උද්ඝෝෂණ කිහිපයක් පැවැත්වූ අතර එය දෙමළ ජාතිවාදී වෙබ් අඩවි සදහන් කොට තිබුනේ “අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ නායක සංජීව බණ්ඩාර හා පෙරටුකාමි සෝශලිස්ට් පක්‍ෂයෙහි ශිෂ්‍ය සංගමයෙහි ප්‍රධානත්වයෙන් මාතර රුහුණ විශ්වවිද්‍යාලයේදීද, නුවර පේරාදෙනිය විශ්වවිද්‍යාලයේදීද, ඉතිහාසයේ ප්‍රථම වරට දෙමළ සිසුන්ගේ අයිතිවාසිකම් අවධාරණය කර 29-12-2012 වැනි දින හැඟීම්බර දැවැන්ත විරෝධතාවන් පවත්වා තිබීම විශේෂත්වයකි. තවද අද දින 02-12-2012 පෙරටුකාමි සෝශලිස්ට් පක්‍ෂ දෙමළ ජනතාවගේ මාවීරර් දිනය සිහිපත් කිරීමේ අයිතිය අවධාරණය කර මාධ්‍ය ප්‍රචාරයක් ආරම්භ කිරීමට ඇතයි එම පක්‍ෂයෙහි ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසා තිබේ. “ ලෙසයි. 

කෙසේ නමුදු යාපනය විශ්විද්‍යාලයේ ගැටලුවට විසදුම දෙමළ ජනතාවගේ දේශයක් ලෙසයි ඔවුන්ගේ සටන් පෙළ ගැසී තිබෙන්නේ.  

4 comments:

  1. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය දැන් ඉන්නේ ඊලාම් මතයේ නැත්නම් පිස්සුවක. දෙමළ ජාතිවාදයට ඕනෑ තමන්ගේ වැඩේ කරගන්න දකුණේ කණ්ඩායමක් ඒකට අන්තරය අහුවෙලා.

    ReplyDelete
  2. අන්තරය හිතන විදිහ අපිට දැනෙනවා ඒත් අන්තරයට තේරෙන්නේ නෑ ජාතිවාදය හැසිරෙන විදිහ. තනිකර ඇදලා ඉන්නේ. රාජ්‍ය බලයෙන් විසදන්න පුළුවන් ප්‍රශ්ණ මෝඩ චූන් වලින් විසදන්න බෑ

    ReplyDelete
  3. මෙහෙම ලියන්න එපා එවිටයි ජාති වාදය අවිස්සෙන්නේ

    ReplyDelete
    Replies
    1. ජාතිවාදයට හේතු තියෙන්නේ ධනවාදයේ මිසක් වෙබ් පිටු වල නම් නොවේ

      Delete