ත්‍රිරෝද
රථ රියැදුරාට පහරදුන් නීතිඥයන් තිදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න සති දෙකක්
කල් දෙනවා, නැත්නම් අප මෙතෙක් වෘත්තීය සමිතියක් සිදු නොකළ වෘත්තීය ක්‍රියා
මාර්ගයකට යනවා යැයි ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ජාතික එකමුතුව අවධාරණය කරයි.
මේ
සම්බන්ධයෙන් ඊයේ (03)
කොළඹ නිපොන් හෝටලයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ එහි
කැඳවුම්කරු හා සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත්
ධර්මසේකර මහතා ඉකුත් (30) රට වෙනුවෙන් අපි
පැවැත්වූ ත්‍රිරෝද
රථ පෙළපාළියේ ගමන් ගත් අපේ සහෝදර රියැදුරෙකුට ආණ්ඩුවට කඩේ යනවා කියලා නීතිඥයින්
තිදෙනකු එකතු වී මැර ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර ඒ තුන්දෙනා කඩේ යන්නේ කාටද යන්න
දැන් හොඳටම පැහැදිලි බව පැවසීය.
රට
බේරාගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අපි කඩේ යන අතර ඒ අය කළු කෝට්
දමාගෙන අනුන්ගේ අයිතියක් ප්‍රකාශයක් ඉවසන්න බැරි තරමටම එන්.ජී.ඕ සමඟ එක්වී ඩොලර්
කුට්ටිවලට කඩේ යන බව අපි වගේ පොඩි මිනිස්සුන්ටත් පැහැදිලි බව කීවේය.
එදා
ඕනෑම වරදක් සිදුවූ විට ත්‍රිරෝද රථ රියදුරාට ඇඟිල්ල දික් කරපු පොලිසියට රටේ නීතිය
හා සාමය සුරකින්නට අවස්ථාවක් උදාවී තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේ්ය.
මැර
ප්‍රහාරයට ගොදුරු වූ ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රියදුරන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් රෝහණ
පෙරේරා මහතා, අපි ඉතා දුක් මහන්සියෙන් හම්බ කරපු ඇඳුම ඉරා දමා, මාලය කඩා දැමූ නීතිඥ මහත්වරු තිදෙනාට කියන්න ඕනේ අපි බොරු කියලා හම්බ
නොකරන බව පැවසීය.
තමාට
පහර එල්ල කළ නීතිඥයින් තිදෙනා හඳුනා ගත හැකි බව පැවසූ රෝහණ පෙරේරා මහතා නීතියට ගරු
කරන අපි රට වෙනුවෙන් වැඩ කරන නීතිඥයින්ට ද ගරු කරන බව කීවේය.
එහෙත්
රටේ අයිතියක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන පෙළපාළියක් වත් ඉවසන්න බැරි නො හික්මුණු
මොළය නැති මෙවැනි නීතිඥයින්ට එරෙහිව ජනතාව දැඩි පියවරක් ගත යුතු බව පැවසීය.
ජාතික
ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමයේ සභාපති කේ. ඩී. අල්විස් මහතා, ත්‍රිරෝද රථ
කර්මාන්තය නැති කිරීමට විවිධ කුමන්ත්‍රණ සිදුවන විට ඊට එරෙහිව ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතා ගත් තීන්දු තීරණ නිසා වර්තමානයේ අපි අද සැනසිල්ලේ තම ජීවිකාව ගෙන
යමින් සිටින බව පැවසීය.
රටේ
ලක්ෂ 7 1/2ක් පමණ ත්‍රිරෝද රථ තිබෙන අතර මෙහි බලය කව්රුත් සැලකිල්ලට නොගත් මෙවැනි
බලවේගවලට එරෙහිව දැඩිව ඉදිරියේ දී කටයුතු කරන බව කීවේය.
ජාතික
ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමයේ මෙම ප්‍රකාශය සමග රට මහත් කැලඹීමකට පත්වී
ඇති බව පෙනෙන්නේ දිනමිණ පුවත්පතේ මුල් පිටුවේම මෙම පුවත සදහන් වීමත් සමගයි. කෙසේ
වුවද එවැනි දැඩි ක්‍රියා මාර්ග නොගන්නා ලෙස ජනපතිතුමා උපදෙස් ලබා දී ඇති බවද
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
No comments:
Post a Comment