Sunday, October 7, 2012

ශ්‍රී ලංකාවට ජාතික අධිවේගී අන්තර්ජාල ප්‍රතිපත්ති කෙටුම්පතක්


ශ්‍රී ලංකාව වර්තමානයේ දී අධිවේගී අන්තර් ජාල සේවාවන් හි දිගු සංඥා විකාශන ජාල පද්ධති ක්‍රමවේදය (LTE/Long Term Evolution) අත්හදා බැලීමේ කටයුතු සිදුකරමින් සිටින බව ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ මහ ලේකම් ආචාර්ය හැම්ඩන් අයි ටුරේ මහතා පවසයි.
පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති 2012 විදුලි සංදේශ නියාමකයන් පිළිබඳ ගෝලීය සමුළුව අතර තුර පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කීය.

අධිවේගී අන්තර් ජාල සේවා සැපයීම ශ්‍රී ලංකාවේ දී ආරම්භ වූයේ 2003 වර්ෂයෙන් පසුවය. අනතුරුව ශ්‍රී ලංකාව සංවර්ධිත ලෝකයට අඛණ්ඩව පා තබමින් නව සේවා සහ 3G, 3.5G වැනි තාක්‍ෂණයන් ස්ථාපිත කර ඇත.
ආචාර්ය හැම්ඩන් අයි ටුරේ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඉතා පැහැදිලි තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සංවර්ධනයක් පවතින බවයි. ආසියාවේ විශිෂ්ඨ ඩිජිටල් කාර්යසාධකයකු වශයෙන් ශ්‍රී ලංකාව සිය දර්ශනයේ කොටසක් ලෙස රජය විසින් පිළිගත් සැලසුම් සහ ක්‍රමෝපායන්වල සාර්ථකභාවය පැහැදිලිව පෙන්නුම් කරන ප්‍රකාශකයෙකු වන අතර ශ්‍රී ලංකාව වැදගත් නව කලාපීය දැනුම් මධ්‍යස්ථානයක් බවටද ටුරේ මහතා හදුන්වා දෙනු ලැබීය.
එසේම මේවන විට ශ්‍රී ලංකාව ජාතික අධිවේගී අන්තර්ජාල ප්‍රතිපත්ති කෙටුම්පතක් පිළියෙල කරමින් සිටියි.
එමගින් ධනවත් නාගරික ජනතාවට පමණක් නොව හුදකලා ප්‍රජාව මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තන් වැනි අඩුආදායම්ලාභී කණ්ඩායම්වලට අධිවේගී අන්තර්ජාල සේවා සැපයීමට සහාය වීම පිණිස මෙම ජාතික පනත කෙටුම්පත් කිරීම සිදු කෙරේ.

No comments:

Post a Comment