Sunday, October 7, 2012

ආරක්ෂාවත්, ආර්ථිකයත් ඇමෙරිකානු පුරවැසියන් පාලනය කරන එකම රට ශ්‍රී ලංකාව


වර්තමානයේ අපේ රටත් ලෝකයේ බහුතරයක් රටවලූත් ගත්තොත් දේශපාලන, ආර්ථික, සමාජීය වශයෙන් අධිරාජ්‍යවාදී බලපෑම්වලින් බැටකමින් ඉන්නවා. 2001 සැප්තැම්බර්යේ ඇමරිකාවට තලේබාන් සංවිධානය විසින් කරන ලද ප‍්‍රහාරයෙන් ඇමරිකානුවන් 3000කට ආසන්න ප‍්‍රමාණයක් මිය ගියා. එම ඇමරිකානුවන් 3000 වෙනුවෙන් 2001 සිට මේ දක්වා දශකය ගත්තොත් ලක්ෂ 30කට ආසන්න මිනිසුන් ප‍්‍රමාණයක් අධිරාජ්‍යවාදය විසින් ඝාතනය කරමින් සිටිනවා. ඇෆ්ගනිස්ථාන, ඉරාකය, සිරියාව, ලිබියාව ආදි රටවල්වල අධිරාජ්‍යවාදය විසින් බරපතල
විනාශයක් සිදුකරමින් සිටිනවා. රටවල් බෙදනවා. සුඩානය, සර්බියාව ආදී රටවල් බෙදා වෙන්කර දැමීමට මැදිහත් වුණා. වර්තමානයේ ලංකාවත් සෘජුව අධිරාජ්‍යවාදී බලපෑම්වලට ලක්වී තිබෙන රටක්. ලෝකයේ ඇමරිකා එක්සත් ජනපදය හැරුනාම රටේ ආර්ථිකයත්, ආරක්ෂාවත් ඇමරිකානු පුරවැසියන් දෙදෙනකු විසින් පාලනය කරන එකම රට ශ‍්‍රී ලංකාවයි. ආරක්ෂාව සහ ආර්ථිකය යනු රටක වැදගත්ම ක්‍ෂේත‍්‍ර දෙකයි. ඔබ දන්නවා අපේ රටේ ජනාධිපතිවරයාගේ සහෝදරයින් දෙදෙනා තමයි එම ක්‍ෂේත‍්‍ර දෙක පාලනය කරන්නේ.  මෙසේ පවසා තිබුණේ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා ජාත්‍යන්තර චේ දිනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments:

Post a Comment