Wednesday, October 10, 2012

පාර්ලිමේන්තුවේ හිදිමින් සිනමාව වෙනුවෙන් සේවය කරන්න මාලනී ෆොන්සේකා යලි පාර්ලිමේන්තුවට


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි පදවියෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නැවත වරක් එම පදවියටම පත්කරනු ලැබූ මාලනී ෆොන්සේකා මහත්මිය පාර්ලිමේන්තුවේදී 9දින නැවත වරක් දිවුරුම් දුන්නාය.
ඇය ඉකුත් 24 වැනිදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි පදවියෙන් ඉල්ලා අස්වූවාය.
ඒ වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ උද්ගතව පැවති උතුරුමැද පළාත් මහ ඇමති ධූරය සම්බන්ධ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට නම් බර්ටිප්‍රේමලාල් මහතා
පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බැවින් මෙසේ මාලනී ෆෝන්සේකා මහත්මියට ඉල්ලා අස්වන්නැයි බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබින. මෙය පාර්ලිමේන්තුවට මහත් පාඩුවක් ගෙනදෙන්ක් බවට කල්පනාකල මහින්ද රාජපක්ෂ මහතා ඊට විරෝධයපා ඇති අතර එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේපකර ඇත. ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කරන විටත් මැතිවරණ කොමසාරිස්වරයා එම ඉල්ලා අස්වීම පිළිගෙන ගැසට් නිවේදනයද නිකුත් කර තිබිනි. එම නිසා ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වූවාය. නමුත් ඇය නම් ප්‍රකාශ කොට තිබුනේ මෙම වෙනස්කම තමන්ට කිසිදු වෙනසක් නොදැනුන බවයි. කෙසේ නමුදු ඇයගේ මානසිකත්වය හොදින් හදුනාගත් ජනාධිපතිතුමා 09 වන දින දිවුරුම්දීමෙන් පසුව නැවතත් ඇය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් බවට පත් කලාය. ඇයටනම් මෙම වෙනස්කමත්  ජීවිතයේ මහා වෙනසක් සිදු නොවී සාමාන්‍ය ලෙසම ගත වෙනු ඇත. නමුත් ඇය පුවත් පතකට ප්‍රකාශ කොට තිබුනේ මහින්ද චින්තන ප්‍රතිපත්තිය සිනමාවට කරන සේවය තවදුරටත් ඉදිරියට ගෙනයාමට තමන්ට ලැබුන මෙම මන්ත්‍රීකම භාවිත කරන බවයි.

1 comment: