Saturday, October 6, 2012

මහින්ද චින්තන ප්‍රතිපත්තිය පුලුල් වේ ශ්‍රී ලංකාවට බදු සතියක්


ජනතාවට බදු එපා වී ඇත. නමුත් රජයට බදු ගෙවීම සදහා ජනතාවගේ අකමැත්ත ප්‍රකාශවන ස්ථානයන් නිර්වින්දනය කරමින් වින්දනීය බදු ගෙවීමකට රට යොමු කරවීමේ උවමනාවක් පහලව ඇත. මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ යෝජනාවකට අනුව රටේ ක්‍රියාත්මක බදු ක්‍රමය පිළිබඳව මහජනතාව තුළ දැනුවත්භාවයක් ඇති කිරීම පිණිස සෑම වසරකම නොවැම්බර් මස 01- 08 දින දක්වා බදු සතියක් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
 
·        මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වනුයේ
,
 

o   බදු ක්‍රමය පිළිබඳ පැහැදිලි අවබෝධයක් හා විශ්වාසයක් ජනතාව තුළ ගොඩනැංවීම.
o   බදු කළමනාකරණයට අදාළ රාජ්‍ය ආයතන පිළිබඳ ජනතාව තුළ විශ්වාසය තහවුරු කිරීම හා ස්වේච්ඡාවෙන් බදු ගෙවීමේ සංස්කෘතියක් ඇති කිරීම.
o   නියමිත වේලාවට නිසි බදු ගෙවීම තුළින් ශ්‍රී ලංකාවේ අනාගත සමෘද්ධිය පිණිස දායකවිය හැකිබව අවබෝධ කර දීම හා
o   දැනට ක්‍රියාත්මක නව බදු ක්‍රම හා ඒ යටතේ ලබාදී ඇති සහන හා බදු නිදහස පිළිබඳ අවබෝධයක් ලබා දීම ආදිය වේ.

මීට අමතරව මහින්ද රාජපක්ෂ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කිරීම නිසා මෙය මහින්දන චින්තනයේ ඉතා දිගුවක් බව පැහැදිලිය.

No comments:

Post a Comment