Sunday, October 21, 2012

චන්දෙට පොස්ටර් ගහපු කොඩිවැල් ඇදපු අයට රැකියාදීමේ වැඩපිළිවෙල


විකිරණ විද්‍යා තාක්ෂණවේදී ඩිප්ලෝමාධාරීන් පුහුණු කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදී සංගමය පවසයි. 

එම සංගමයේ උප සභාපති චානක ධර්මවික්‍රම මහතා කියා සිටියේ පුහුණුවලත් විකිරණ විද්‍යා තාක්ෂණවේදී උපාධිධාරීන් සේවයට බඳවා නොගෙන ඇතිබවත් එසේ තිබියදී ඩිප්ලෝමාධාරීන් බදවා ගැනීමට යන බවයි. අනෙක මෙම බදවා ගැනීම් සිදු කරන්නේ පළාත් සභා වලින් වීමත් විකිරණ තාක්ෂණවේදීන් පුහුණු කිරීමට පළාත් සභාව සතු සමත් කම තවම පෙන්වා නැත. 


එයට විරෝධය පළකරමින් තමන් පුහුණු කටයුතු වලින් ඉවත්ව සිටින අතර කඩිනමින් අදාළ උපාධිධාරීන් සේවයට බඳවා ගත යුතු බව චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය. 
වෘත්තීය සුදුසුකම් සහිත උපාධිධාරීන්ට පවා ශ්‍රී ලංකාවේ රජයන් රැකියා ලබා නොදෙන්නේ ඇයි? ශ්‍රී ලංකාවේ රැකියා දෙන්නේ දේශපාලකයින්ගේ පෝස්ටර් ගහපු කොඩිවැල් ඇදපු අයටයි. ඒ අයට වෘත්තීය සුදුසුකම් නොමැත. අධ්‍යාපන සුදුසුකම් බොහෝ අඩුය. කොතරම් රැකියා ලබාදීම් ගැන කථා කලත් අපේ දේශපාලකයින් කැමති මෙවැනි අය රජයේ වගකීම් දරණවාටය. එවිට ලංකාවේ ධනපති දෘෂ්ටිවාදය පවත්වාගෙන යෑම පහසුය.
ඒ නිසා රුකියා යනු සුදුසුකමකට ලැබෙන්නක් කියා කල්පනා කරන ලාංකිකයන් බොහෝ අඩුය. මිනිසුන් කල්පනා කරන්නේ රැකියාවක් ලබා ගැනීමට තව තවත් දේශපාලනයට ලංවීමය. කවුරුන් හෝ ප්‍රකාශකලොත් රුකියා අපේ අයිතියක් කියා එය පිළිගැනීමට මිනිසුන් සූදානම් නැත. මිනිසුන් හිතන්නේ රුකියා යනු වාසනාව මනින ගුණයක් කියාය. තරුණයන් තුල වත්මන් දේශපාලනය ගැන කෙතරම් ආවේගාත්මක හැගීම් පැමිණියත් ඔවුන්  හිතන්නේ තමන්ට හොද ජීවිතයක් ලැබෙන්නේ ගමේ දේශපාලකයා සමග සිනාසී චන්දෙට පෝස්ටර් ගසා කොඩිවැල් ඇද රැස්වීමක් පවත්වා ලකුණු ලබා ගැනීමෙන් වගයි. තම දරුවා ධනපති දේශපාලනය කලාට දෙමාපියන් විරුද්ධ නැත. දරුවා දේශපාලකයාගෙ ගෙදර යනවාට කැමති ඒ නිසා. (අපේ පුතා මන්ත්‍රී හමුවෙන්න ගියා) නමුත් බලය සදහා දේශපාලකයා කිට්ටු කරගෙන සිටින පිරිස දකින විට එතැනට කිසිවෙක් කැමැත්තෙන් නොයයි. මෙම අකමැත්ත අකමැත්තක්ම කරන තරුණ දේශපාලන ව්‍යාපාරයක් රටට අවශ්‍ය වන්නේ ඒ නිසාය.
කෙසේ නමුදු රටේ වැදගත් වෘත්තීන් මෙසේ හෑල්ලු කිරීම අප ඉවසිය යුත්තක් නොවන්නේ මෙම දේශපාලකයින්ට ගමේ තහවුරු වීමට තව තවත් ජනතාව ධනපති දේශපාලනයේ ගිල්වාතැබීමට ගෙනෙන මෙම යෝජනා නිසාය. රැකියා නොමැති ජනතාව තමන්ගේ අවශ්‍යතා දිනා ගැනීමට කෙසේ හෝ ධනපති දේශපාලකයාට ලංවී කෙසේ හෝ තවත් මිනිසුන් ප්‍රමාණයක් යට කරමින් රුකියාවක් ලබා ගත්තේද? එවිට ධනපති පංතිය තම ක්‍රම වේදය (දෘෂ්ටිය) තහවුරු කොට ඇත. මීලග රැකියා ලැබෙන්නේද මෙම ක්‍රමයෙනි. එසේ නම් ජනතාව තවතවත් තවත් මිනිසෙකු පසුකරගෙන ඉදිරියට යෑමේ කලාව උගෙන යුතුය. එනම් බොරුව රගපෑම ඇන්දවීම එම කලාවයි. අද දවසේ මිනිසාට මිනිසත් කම ලබා ගැනීමට පරාජය කල යුතු දෘෂ්ටිවාදයද මෙයයි. 

No comments:

Post a Comment