Sunday, October 21, 2012

කලා උපාධි සුදුසුකම් ලබන සිසුන්ට හෙද උපාධි - වෛද්‍යවරු විරෝධය පල කලත් වැඩේ කරනවා


උසස් පෙළ කලා විෂයන් වලින් විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලබන සිසුන්ට හෙද උපාධියක් හැදෑරීමේ අවස්ථාව ලබාදෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි.දිසානායක මහතා පවසයි. 

වෛද්‍යවරුන්ගේ යම් සුළු විරෝධයක් පැවතියත් එය කෙසේ හෝ ඉටුකරන බව හෙතෙම සඳහන් කරයි. 

ඒ සඳහා මේවන විට සෑහෙන ඉල්ලුමක් පවතින බැවින් එම කටයුත්ත සිදුකරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 


මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා කියා සිටියේ රටේ ලක්ෂ දෙකක පමණ හෙද හිඟයක් පවතින බවයි. 

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කළේ විශ්වවිද්‍යාල මගින් බාහිර උපාධි ලබාදීම දැඩි ලෙස සීමා කරන බවයි. 

No comments:

Post a Comment