Tuesday, July 10, 2012

උතුර නැගෙනහිර යාකරන්නැයි TNA නැවත ඉල්ලයි


උතුර නැගෙනහිර පළාත් යාකළ යුතුයයි දෙමළ ජාතික සන්ධානයෙහි පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්. සුමන්දිරන් මහතා පවසා තිබේ. උතුර නැගෙනහිර ඒකාබද්ධ කරන්න යන්නෙහි සැගවුන වෙනත් අරමුණු නැතැයිද පුන පුනා පවසා තිබුනේ දේශපාලන සිරකරු නිමල රූබන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

දේශපාලනයේදී සැගවුන අරමුණු නැතැයි ප්‍රකාශ කිරීමම අරමුණ සැගවීමකි. දිගු ඉතිහාසයකට උරුමකම් කියන මෙම අර්බුධය ඉන්දු
ලංකා ගිවිසුමට අවුරුදු 25ක් වන තැනදීද (1987 ජුලි 29) අර්බුධය විසදී නොමැත.  ඉන්දු ලංකා ගිවිසුමට අනුව පළාත් සභා සදහා ඉඩම් බලතල පොලිස් බලතල හිමි වුනත් ඒවා ලබා නොදී උතුර නැගෙනහිර ඒකාබද්ධ කරමින් බෙදුම්වාදීන්ට යම් බලාපොරොත්තුවක් දීමට ජාතිවාදී ධනපති ආණ්ඩු කටයුතු කලත් නැවත ජවිපෙ නඩු මගට බැස උතුර නැගෙනහිර වෙන්කිරීම නිසා තම සැගවුන බෙදුම්වාදී උවමනාව බොදවීය. දේශීය ධනපති පංතිය දේශපාලන බලය ලබා ගත් මොහොතේ සිටම දෙමළ ජාතියක් ලෙස පිළිගත් අතර ඒ හා සමගාමී දෙමළ ධනපති පංතිය සමග අවස්ථාවාදී ලෙස ගණු දෙණු කල අතර විටෙක සහයොගයෙන් කටයුතු කිරීමටත් විටෙක දෙමළ ධනපති පංතියේ බලය ඩැහැගැනීමේ උවමනාවෙන් ද කටයුතු කළේය. සිංහල දෙමළ ජාතිවාදී පක්ෂ තම බලය සදහා ජනතාව රවටමින් අවසානයේ අධිරාජ්‍යවාදී උවමනාව ඉටුකරයි. තම දේශපාලන අරමුණු වෙනුවෙන් කරන සටනේදී ලාංකීය ජනයා රැවටීමට ගන්නා බාල උපක්‍රමයක් සුමන්දිරන් මහතා කල මාධ්‍ය සාකච්ජාවේදී දැකිය හැකි විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔනෑම පළාතයක් යාකළ හැකි බවත් ඒ යටතේ උතුරැ නැගෙනහි යළි යාකළ යුතුයයි සුමන්දිරන් මහතා පවසා තිබේ.

උතුරු නැගෙනහිර ප්‍රශ්ණයට එක්සත් ශ්‍රී ලංකාවක්තුල විසඳුමක් ඉදිරිපත්කළ යුතුවීම අපගේ ප්‍රතිපත්තියවේ. රටයෙහි ජාතික ප්‍රශණයට ඊළම් යන මතය යටතේ විසඳුමක් ඉදිරිපත් කළනොහැකිය මෙයද දෙ.ජා.ස. ස්ථාවරයවේ. ඊළමක් හෝ තනි රටක්හෝ ලබාගැනීමට දෙ.ජා.ස. කිසිවිටක උත්සාහ නොකරන බවද හෙතම මෙහිදි පෙන්වාදී තිබේ.

උතුර නැගෙනහිර යාකළ යුතුයයි පැවසීමෙන් ඊළමක් හෝ තනි රටක් හෝ ස්ථාපිත කිරීමටයයි කිසිවකු අදහස් නොකළ යුතුය. මෙය රටේ ජනතාව කුපිත කිරීමට පවත්වාගෙන යන බොරු ප්‍රචාරයකි. දෙ.ජා.ස. ඉල්ලා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව උතුර නැගෙනහිර යාකරන ලෙස හැර වෙනත් අදහසකින් නොවන බව හෙතම වැඩිදුරටත් පවසා තිබේ. 
උතුර නැගෙනහිර එක් වීමෙන් නිමල රූබන්ලාට සාධාරණයක් ඉටුවේදැයි  සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ජාතිකත්වයන් කල්පනා කරන්නේ ඒ නිසාය.

No comments:

Post a Comment