Tuesday, July 10, 2012

සුරයක් විකුණද්දී සෞදි ආගමික පොලිසියට මාට්ටු - රන්ජන් රාමනායකගේ කට පූට්ටු

සෞදි අරාබියේ  රියාද් නගරයේදී බුදුන් වදිද්දී අත්අඩංගුවට ගත් බවට පදියතලාවේ පදිංචි පී.පී. තුංගසිරි මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම අසත්‍ය හා ගොතන ලද කථාවක් බව  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි. නමුත් මේ පිළිබදව රංජන් රාමනායක මහතා හා බොදු බලසේනා විසින් චෝදනා කළේ ලාංකිකයෙක් බුදුන් වැන්ද නිසා මරණ දඩුවමට ලක්ව ඇති බවයි.
මෙහි ඇත්ත සිද්ධිය දැන ගන්නට ලැබෙන්නේ තුංගසිරි මහතා ලංකාවට පැමිණිය පසුය. රංජන් රාමනායක මහතා හා බොදු බල
සේනා ප්‍රකාශ කල පරිදි තුංගසිරි මහතා හොද බෞද්ධයෙක් නිසා සුරයක් විකුණද්දී හසුවිය නොහැක.
තුංගසිරි මහතා ප්‍රකාශ කර ඇත්තේ තමුන් හඳුනන කාන්තාවකගේ මාස දෙකක වැටුප් ප්‍රශ්ණයක් කතා කිරීමට එරට කාන්තාවකට දුරකථනයෙන් කථා කළ බවය. එලෙස හඳුනාගත් කාන්තාවට රියාද් නගරයේ ප්‍රසිද්ධ ස්ථානයකදී සුරයක් අලවි කිරීමට කටයුතු කළ බවත්, එම සුරය අදාල කාන්තාවට රියාල් 2000කට අලෙවි කිරීමට කටයුතු කිරීමත් සමග එරට ක්‍රියාත්මක ආගමික පොලිසිය වන මුතාවා පොලිසිය (පල්ලියෙන් මෙහෙයවන) මගින් ඔහු අත්අඩංගුවට ගත් බවයි.
කෙසේ වුවද සෞදියේ ක්‍රියාත්මක නීතියට අනුව ප්‍රසිද්ධ ස්ථානවලදී කාන්තාවන් හා මෙවැනි සබදතාවලට නීතියෙන්  අවසර නොමැති අතර මෙවැනි අවස්ථාවලදී එරට පොදු ස්ථානවල ගැවසෙන ආගමික පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම් කරනු ලබයි.
කෙසේ නමුදු ආගමට වඩා ආර්ථිකය වැදගත් නිසා බෞද්ධයෝ සෞදියට ගොස් කුලී වැඩ කොට මුදල් උපයයි. සෞදි කාන්තාවටද ආගම තුලින් නොලැබුණ විමුක්තිය සුරයක් පලදා හෝ ලබා ගැනීමට උත්සාහ කරයි.

No comments:

Post a Comment