Friday, July 13, 2012

නියගය දේශපාලන වාසි වලට ගන්න උත්සාහ කරනවා


නියං කාලගුණය හේතුවෙන් රජය විසින් ලබාදීමට තීරණය කර ඇති සහනාධාර දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට වාසි හෝ අවාසි සහගත අයුරින් භාවිත කිරීමට ඉඩ නොදෙන ලෙස පැෆ්රල් සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලිපියක් මගින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත මේ බව දැනුම් දී ඇත.

එසේ වුවහොත් ඡන්දදායකයින්ගේ ස්වාධීන මතයට බලපෑමක් වනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.


එවැනි සහනාධාර ලබාදීම් බලයේ සිටින දේශපාලන පක්ෂයේ ජයග්‍රහණය උදෙසා භාවිත කළ අවස්ථා පිළිබඳ අත්දැකීම් පවතින බව ද පැෆ්රල් සංවිධානය පවසයි.

එබැවින් මැතිවරණය පවතින ප්‍රදේශවල සහනාධාර බෙදාහැරීමේ කටයුතු රාජ්‍ය නිලධාරීන් හරහා විනිවිද භාවයකින් යුතුව සිදුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරයි.

No comments:

Post a Comment