දැනට පවතින නියං කාලගුණ තත්ත්වය සමඟ තවත් සතියක කාලයකින් වර්ෂාව නොලැබුණහොත් අනුරාධපුරය,
පොළොන්නරුව දිස්ත්‍රික්කවල සියයට 75ක පමණ
වගා විනාශයක් සිදුවිය හැකි යැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
එම තත්ත්වයේ බලපෑම එල්ලවනුයේ එළඹෙන කන්නයට බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර දැනට බලපා ඇති නියඟයට හසු වූ වගාවන් වෙනුවෙන් ගොවීන් ලබාගෙන තිබෙන වගා ණය නැවත අය කර ගැනීම තාවකාලිකව නතර කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත.
එසේම දැනට දිස්ත්‍රික්ක කිහිපයක පවතින නියඟයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සහ ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග සඳහා රජයෙන් ලබාදීමට යෝජිත සහනාධාර ඇතුලත් සංවර්ධන වැඩපිළිවෙල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත කඩිනමි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය හිමිව තිබේ.
No comments:
Post a Comment