ස්ත්‍රී දූෂණ ඇතුළු සමාජ අපරාධවලට හේතු සමාජය තුලම පවතින අතර ඒවායේ වැඩිවූවක් සිදු වූ වානම් ඒවාද සමාජයීය හේතුම වේ. නමුත් විමල් වීරවංශ මහතා පවසන පරිදි ස්ත්‍රී දූෂණයට පාලකයා වගකිව යුතු නොවේ. මහින්ද රාජපක්ෂ පාලනය එවැනි තත්වයන් සදහා සියලුම නීතිමය හා සමාජයීය ක්‍රියාමාර්ග ගෙන තිබියදී ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් රජයට චෝදනා නැගීම ද්වේශ සහගත ක්‍රියාවකි. ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් රජයට ඇඟිල්ල දිගු කළ යුතු වන්නේ රජය ඊට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගතහොත් පමණක් යැයිද ඉදිකිරිම් ඉංජිනේරු
සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
රටට පිළිලයක් වු යුද්ධය අවසන් කරන විට රජයට ඇඟිල්ල දිගු
කළ ඇතැම් පිරිස්ම අද
වන විට ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් ද රජයට චෝදනා එල්ල
කිරිම තුල රටට එරෙහි විජාතික බලවේගයක උවමනාවක් ඉටුකරන පිරිසක් මෙම චෝදනා කිරීම පිටිපස
සිටින බවයි ඇමතිවරයා පවසා ඇත්තේ.
රාජ්‍ය සේවකයින් සඳහා අඩු පොලි අනුපාතයක් යටතේ නිවාස ණය ලබාදීමේ වැඩසටහනක් මහරගම පැවැති අතර ඊට සහභාගි වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.
ළමා අපචාරවලට සම්බන්ධ වු සන්ධාන රජයේ ප්‍රාදේශීය දේශපාලනඥයින්ට පවා පසුගියදා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ බව පැවසු විමල් වීරවංශ අමාත්‍යවරයා ආරක්ෂක ලේකම්වරයා ඒ සඳහා සියලුම පොලිස් ස්ථානවලට බලය ලබාදි ඇතැයි ද ප්‍රකාශ කළේය.
මෙවැනි දැඩි ක්‍රියා
මාර්ග ගෙන ඇති යුගයක ස්ත්‍රී දූෂණයක් සිදු වීම හිතා ගැනීමටත් නොහැකි බවත් මෙම
උත්වයට සහභාගීවූවන් සාකච්ජාකොට ඇත.රාජ්‍ය සේවකයින් සඳහා අඩු පොලි අනුපාතයක් යටතේ නිවාස ණය ලබාදීමේ වැඩසටහනක් මහරගම පැවැති අතර ඊට සහභාගි වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.
ළමා අපචාරවලට සම්බන්ධ වු සන්ධාන රජයේ ප්‍රාදේශීය දේශපාලනඥයින්ට පවා පසුගියදා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ බව පැවසු විමල් වීරවංශ අමාත්‍යවරයා ආරක්ෂක ලේකම්වරයා ඒ සඳහා සියලුම පොලිස් ස්ථානවලට බලය ලබාදි ඇතැයි ද ප්‍රකාශ කළේය.
No comments:
Post a Comment