Saturday, July 14, 2012
මයික්‍රොසොෆ්ට් චින්තනය හෙවත් මහින්ද චින්තනය
මයික්‍රොසොෆ්ට් මුළු ලෝකයම තම මෘදුකාංගයන්හි වහලෙකු කරගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ලංකා රජය ඊට අවශ්‍ය උපරිම පහසුකම් සලසා ඇත. එහි මුදල් වලට වහල්ව ජාතියක් අධිරාජ්‍යවාදී ඒජන්තයකුගේ වහල් බිමක් කරන මෙම වැඩ පිළිවෙලට ව්‍යාජ අධිරාජ්‍ය විරෝධයක් පෙන්වන මහින්ද රාජපක්ෂ මහතා තම උපරිම සහාය පල කොට තිබේ. ‘FutureGOV 2012’ සාක් සමුළුවේ සාමාජික වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයට අනුග්‍රහය දැක්වීමට මයික්‍රොසොෆ්ටි ශ්‍රී ලංකා ආයතනය ඉදිරිපත්වී ඇත.
එම සමුළුව ජූලි මස 18 සහ 19 යන දිනවල කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවත්වේ.
රජය හා පොදු ජනතාව අතර ඇතිවිය යුතු සම්බන්ධතා මෙන්ම තොරතුරු තාක්ෂණය තුළින් නව මුහුනුවරක් දීමේ ප්‍රයත්නයක යෙදෙන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයට මෙම සමුළුව තවත් රුකුළක් වන අතර මහින්ද චින්තනයේ දැක්වෙන පරිදි අප රට ආසියාවේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ උදාර දර්ශණයට තවත් ලගාවීමකි.
මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා ආයතනය මෙරට තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සංවර්ධනය සඳහා සහය ලබාදීම, තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියෙන් සිටීම සහ සියළු පුරවැසියන්ට තාක්ෂණය සපයාගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීම වැනි කටයුතු කරන අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය තුළින් එම ආයතනය විසින් ගෙනඑන තොරතුරු තාක්ෂණය නංවාලීමේ වැඩසටහන් සඳහා අත්වැල් සැපයීමේ නව පියවරක් ද තබයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment