Monday, July 9, 2012
පාසල් පද්ධතිය හමුදාකරණයට ලක්කිරීමට විදුහල්පතිවරුන්ට කර්නල් පදවි පිරිනමයි
පාසල්වල විදුහල්පතිවරු හා අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට කර්නල් තනතුරු පිරිනැමීම පාසල් පද්ධතිය හමුදාකරණයට ලක්කිරීමට ආණ්ඩුව දරණ උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර එම සැළසුම වහා නතර කරන ලෙස බලකර සිටින බව ලංකා ගුරු සේවා සංගමය පවසා සිටී. පසු ගිය ජූලි මාසයේ 04 හා 05 දෙදින කිරුළපන ජාතික ශිෂ්‍යභට මූලස්ථානයේදී මේ සඳහා වන සම්මුඛ පරික්ෂණ පවත්වා ඇති අතර සතියක පුහුණුවකින් අනතුරුව මෙලෙස බඳවා ගන්නා විදුහල්පතිවරුන්ට හා අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන්ට හමුදාවේ ‘‘
කර්නල්’’ තනතුරු දීමට නියමිත බවද වාර්තාවේ. ඒ අතරම ඔවුන් ජාතික ශිෂ්‍යභට බලකායට අනියුක්ත කරනු ඇත.
මෙලෙස විදුහල්පතිවරුන්ට හමුදා තනතුරු දීමට හේතුව ලෙස ප‍්‍රකාශ වී ඇත්තේ පාසල් පද්ධතිය තුළ ඇති වී ඇති විනය පිරිහිම බවත්, නමුත් ඒ සඳහා වන සමාජ,ආර්ථික හේතුන් මෙන්ම තවත් හේතු කාරණා බොෙහෝ ඇති අතර එම හේතුන් හඳුනාගෙන එම හේතුන් නැති කිරීම සඳහා පියවර ගත යුතුව ඇති නමුත් එසේ නොකොට මෙලෙස පාසල් පද්ධාතිය හමුදාකරණය කිරීම තුළ එම පරිහානිය වෙනස් කළ හැකි යැයි යමකු විශ්වාස කරන්නේනම් එය ඉතා අමනෝඥ සිතුවිල්ලක් බවද එම සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා පෙන්වා දේ.
තවද ආරම්භයක් ලෙස පාසල් කිහිපයක විදුහල්පතිවරුන් හා අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් මෙලෙස කර්නල් තනතුරු ලබාදීමෙන් අනතුරුව ක‍්‍රමානුකූලව අනෙකුත් පාසල් සඳහාද මෙය ව්‍යාප්ත කරනු ඇති අතර එමගින් මුළුමහත් පාසල් පද්ධතියම හමුදාකරණය කිරීම ආණ්ඩුවේ අරමුණ බව පැහැදිලි වන බවද ඔහු පවසා සිටී.
නිදහස් චින්තනය හා පෞරුෂත්වය වඩවන තැනැක් බවට පාසල පත්කර ගත යුතු වුවත් මෙමගින් සිදුවන්නේ ඊට හත්පසින්ම වෙනස් දෙයක් වන අතර ඒ වෙනුවට පාසල් දරුවන් තුලින් නිවටුන් පිරිසක් හා හමුදා බංකරයකට සීමා වු මානසිකත්වයක් නිර්මාණය වීම සිදුවනු ඇති බවද ඔහු පවසයි.
එබැවින් පාසල් වල විනය පිරිහීමට වන සෑබෑ හේතුන් හඳුනාගෙන ඒවාට පිළියම් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා වෙනුවට මෙලෙස පාසල් හමුදාකරණයට ලක්කිරීමට දරණ උත්සහය වහා හකුලා ගන්නා ලෙස ලංකා ගුරුසේවා සංගමය ආණ්ඩුවට බලකර කියා සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment