Saturday, July 7, 2012

ඇමති චම්පික ජාතික ගැටළුවෙන් කොටසක් විසදන්නේ විදුලි සේවක අරගලය ජයග්‍රණය කරවමින්


රටේ විදුලි අර්බුධය ජාතික ගැටළුව බව පවසන චම්පික රණවක ඇමතිතුමා එහි සේවක අරගල මායිම් නොකල පුද්ගයෙක් ලෙස රටේ ජනප්‍රියය. සේවක අරගල මර්ධනය කරමින් හා අපහාස කරමින් සිටි ඇමති චම්පික මහතා ලංකාවේ ජාතික ගැටළුව විසදීමට පෙර සේවක ගැටළු විසදීමට සිදුවිය. පසුගිය 04 වන දින සංකේත වැඩවර්ජනය කළ සේවකයින් 120 ක් පමණ දෙනාගේ සේවය අත්හිටුවීමට එරෙහිවත් වැටුප් ගැටළුවට විසඳුම් ඉල්ලා විදුලි සේවකයින් දියත් කරන ලද අඛණ්ඩ වර්ජනය අමාත්‍යංශය සමග පැවති සාකච්ඡාවකින් පසු පැමිණි එකඟතා
අනුව අවසන් කරන ලද බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. ඒ අනුව ඉවත් කරන ලද සේවකයින් නැවත සේවයට ගැනීමට හා සේවක වැටුප් විෂමතාවයට මාස 2 ක් තුල විසඳුම් ලබාදීමටත් එකඟ වී ඇත.
කෙසේ නමුත් විදුලි බල ඇමතිවරයා තම ඉල්ලීම් ලබා නොදෙන බවට දැඩි තීරණයක සිටියද අවසානයේ සේවක සටන දැඩිවීමත් සමග ඉල්ලීම් ලබාදීමට සිදුවීම විශේෂයකි.
අද දින දහවල් ආරම්භ කරන ලද අඛණ්ඩ වැඩ වර්ජනයට දිවයින පුරා සිටින සියළු විදුලි සේවකයින් සහභාගී වූ බවත් සාකච්ඡාවෙන් පසු පැමිණි එකඟතා අනුව වැඩ වර්ජනය අවසන් කරන ලද බව සමස්ත ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා පැවසීය.

3 comments:

  1. ඩෙංගුත් ජාතික ගැටළුවක්ද? චම්පික

    ReplyDelete
  2. එහෙම ගැටළු කීයක් තියෙනවද? තම තමන් බඩ වඩා ගන්නාදේ ජාතික ගැටළුව කරගන්න හදනවා වගේ

    ReplyDelete
  3. එක එක ..........ජාති....... යේ ගැටළු තියෙනවා ජාතිය කියන්නේ මානව ප්‍රජාව සංවිධානය වී ඇති ආකාරයක්. මානව ප්‍රජාව සංවිධානය වීමේ ඇති ගැටළු ජාතික ගැටළුයි. මහින්දගේ කුණු හෝදන්න ගිහින් ජනතාව රවට්ටන්න කියනවා ජාතික ගැටළුවක් ගැන.

    ReplyDelete