Friday, July 6, 2012

ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් 09 ඉන්දියාවෙන් පිටමං කිරීමට ජයලලිතාගෙන් බලපෑම්


ඉන්දියාවේ චෙන්නායිහි තම්බරම් ගුවන් හමුදා කඳවුරෙහි පුහුණුවක නිරතව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් 09 දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට එවීමට ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කොට තිබේ.

තමිල්නාඩු දේශපාලඥයින්ගේ බලපෑමට යටත්ව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය මෙම තීරණයට එළඹ ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අදාළ ගුවන් හමුදා නිලධාරීන් පුහුණු කිරීම නවතාදමන ලෙස මීට පෙර තමිල්නාඩු මහ ඇමතිනී ජේ.
ජයලලිතා මහත්මිය ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර තිබුණු අතර එම ඉල්ලීම දැන් විරෝධතාවයක් දක්වා වර්ධනය වී තිබේ.

ඉන්දීය මධ්‍යම රජයේ නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය ජී. කේ. වාසුදේවන් මහතා ද එම ඉල්ලීම සඳහා සහය පළකර තිබුනද ශ්‍රී ලංකාව හා ඉන්දියාව මීට කලින් එකගවූ ගිවිසුමකට අනුව මෙම පුහුණු වීම් ඇඹීය.


මේ පිලිබඳව ඉන්දීය මාධ්‍ය වෙත අදහස් පලකරන ජයලලිතා ජයරාම් ශ්‍රී ලංකා හමුදා තමිල්නාඩු ප‍්‍රාන්තය තුළ පුහුණුව ලැබීම දෙමළ විරෝධී ක‍්‍රියාවක්. විශේෂයෙන් අපි දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව තුල සම තත්වයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින මේ මොහොතේ මෙවැන්නක් සිදු කිරීම මම තරයේ හෙළා දකිනව. අපේ ප්‍රාන්තයේ මෙලෙස ශ්‍රී ලංකා හමුදාවන්ට පුහුණු වන්නට ඉඩ දීම දෙමළ ජනතාවට කරපු අවමානයක්. තමිල්නාඩු දෙමළ ජනතාව ඉල්ලන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවිය යුතුය කියල.එසේ ඉල්ලීමක් තිබියදී ශ්‍රී ලංකා හමුදා පුහුණු කිරීම නොගැලපෙන කාර්‍යක් පමනක් නෙවෙයි,දෙමළ ජනතාවගේ අභිලාෂයන්ට එරෙහිව යාමක්.මේ පුහුණුව වහාම නතර කර ශ්‍රී ලංකා හමුදා තම රටට පිටුවහල් කල යුතුයි.යැයිද පැවසීය.

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව මුහුණදෙන ගැටලු පිළිබඳව සැලකිල්ල ගත්විට චෙන්නායිහි තම්බරම් කඳවුරෙහි සිදුකෙරෙන පුහුණුව සැලකිල්ලට ගතයුතු ගැටලුකාරී තත්ත්වයක් බව ද ජී. කේ. වාසුදේවන් මහතා සඳහන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙහි විශේෂත්වය වනුයේ මීට දකුණු ඉන්දීය පක්ෂ විපක්ෂ සියළුම කණ්ඩායම් ලාංකීය නාවිකයන් ඉවත් කරනා ලෙස එකගතාවයකට ඒමයි.

මේ සම්බන්ධව ලංකා රජය තවම ප්‍රකාශයක් නිකුත් කොට නොමැත.

3 comments:

  1. ජය ලලිතා නංගී තරහ වෙන්න එපා දානවා තමිල්නාඩුවට පරිප්පු හරිද??

    ReplyDelete
  2. තමිල්නාඩුව කියන්නේ ඇමෙරිකානු ප්‍රාන්තයක්

    ReplyDelete
  3. ඇයි ඔයා වලියෙන්ද නංගී ඔයා දැක්කාම හිනා යනවා ඔයා ඔය විදිහට සැරෙන් ඉන්න. තමිල්නාඩුවේ මිනිස්සු කියයි ඔයා තමා දෙමළා වෙනුවෙන් පෙනී ඉන්නා වීර කාන්තාව කියලා. ඊට පස්සේ ඔයාට ජන්දේ දීලා ආපසු මහ ඇමති ‍කරයි. ඊට පස්සෙත් දෙමළව සූරා කෑමට අධිරාජ්‍යවාදයටත් ඉන්දීය ධනපති පංතියටත් ඉඩ සලස්වන්න. දෙමළව විකුණන් කාපිය. උගේ වර්ගවාදී හැගීමෙන් ජීවත් වෙය. අනේ අහිංසක දෙමළා උබලා කවද්ද ධනවාදය විනාසකරන හැටි ඉගෙන ගන්නේ.

    ReplyDelete