Sunday, July 1, 2012

කෙහෙළියගේ වාසිය ආණ්ඩුවට මිස රටට නොවේ


කෙහෙළිය කියනවා තමන්ට වාසි වෙලාවක තමයි ආණ්ඩුව ඡන්දය තියන්නේ කියලා. කෙහෙළියට අපි කියනවා තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට ලබාදී, පොලිස් කොමිසම ස්ථාපිත කර, මාධ්‍යවේදීන්ට තර්ජන ගර්ජන නතර කර, ආණ්ඩුවේ සම්පත් දේපොළ පාවිච්චිය නතර කොට ඡන්දය පවත්වන්න කියලා. කෙහෙළියලා කියන වාසිදායක තත්ත්වය හදලා තියෙන්නේ මාධ්‍ය මර්දනය කරලා, වෙබ් අඩවි තහනම් කරලා, දන්සල් ඇරලා, මැතිවරණ කොමිසම් අකුළලා. එය ආණ්ඩුවට තියෙන සාධාරණ වාසියක් නොවේ. එම බලහත්කාරයේ වාසිය පමණයි ආණ්ඩුවට තියෙන්නේ. සැබෑ නිදහස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡන්දයකදී වාසියක් කෙහෙළියලට නැහැ. යනුවෙන් පුකාශ කළේ ජවිපෙ අනුර කුමාර දිසානායක මහතායි.

No comments:

Post a Comment