Tuesday, June 5, 2012

ඉරානයට එරෙහි සයිබර් ප්‍රහාර වඩාත් ශිෂ්ට සම්පන්නයි

lankahotnews.org
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් වේවි යැයි බිය වූ හිටපු ඇමෙරිකා ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, ඔහුගේ පාලන සමයේදී, අන්තර් ජාලය හරහා එම න්‍යෂ්ටික කටයුතු අඩපණ කිරීමට සංකීර්ණ පරිගණක වයිරස නිර්මාණය කිරීමට උපදෙස් දුන් බව ඇමෙරිකා ආරක්ෂක අංශ පවසයි.

න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කරමින් මැද පෙරදිග අර්බුදයක් ඇති කිරීම
වෙනුවට අන්තර් ජාලය හරහා සංකීර්ණ පරිගණක වයිරස යවා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ පරිගණක සියල්ල අකි‍්‍රය කිරීම හිටපු ඇමෙරිකා ජනපති බුෂ් සහ ඔහුගේ පරිගණක විශ්ලේෂකයන්ගේ සැලැස්ම වී තිබේ.

2008 වසරේ දී බුෂ්ගෙන් පසු ඇමෙරිකාවේ ජනපති ධුරයට පත් බැරැක් ඔබාමා ද 2009 වසරේ දී එම පරිගණක වයිරස සැකසීමේ වැඩසටහන තවත් ඉදිරියට ගෙන යෑමට පියවර ගෙන තිබේ.

එම වයිසර හේතුවෙන් අවස්ථා කීපයකදී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට බාධා සිදුවූ බව ඉරානය ද පවසා තිබේ. මේ වනවිට ලෝකයට තර්ජනයක් වී ඇති පරිගණක වයිසරය නිපදවා ඇත්තේ ද ඇමෙරිකාවයි. ඒ, ඉරානයේ සහ මැදපෙරදිග රටවල රාජ්‍ය රහස් පිටපත් කර ගැනීමේ අරමුණ ඇතිවය.

කිසියම් සතුරෙකුට විරුද්ධව සයිබර් හෙවත් අන්තර් ජාල ප්‍රහාරයක් එල්ලකිරීම මගින් ජීවිත හානි අඩු කර ගත හැකි නම් එය සතුරාට එරෙහි වඩාත් ශිෂ්ට සම්පන්න ප්‍රහාරය විය හැකි බව ආරක්ෂක හමුදා පිලිබඳ බ්‍රිතාන්‍ය අමාත්‍ය නික් හාවි Nick Harvey ගේ ප්‍රකාශයට අනුව  මෙම ප්‍රහාර ශිෂ්ඨ සම්පන්න ප්‍රහාර වේ. මිනිස් ඉතිහාසයේ විවිධ වකවානුවලදී ප්‍රගතිශීලී කාර්යන් ඉටු කිරීමට විවිධ ආයුධ හා ප්‍රහාරයන් සමත් විය. අද දවසේ ප්‍රගතිශීලී ස්වරූපයෙන් එන සයිබර් ප්‍රහාර හෙට දවසේ මිනිසා ගේ අධ්‍යාත්මයට එරෙහි අශිෂ්ට ප්‍රහාරයන් වනවා නිසැක බවයි විදෙස් පුවත් විශ්ලේශකයකු අප හා ප්‍රකාශ කලේ.



No comments:

Post a Comment