එක්සත් රාජධානියේ දෙවන එළිසබෙත් මහ රැජනගේ වජ‍්‍ර ජයන්ති මහෝත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මැතිණිය මේ වනවිට ලන්නයේ සිටින අතර ඔවුන්ගේ ගමනට හරසර මෙන්ම විරෝධතාවන්ද එකතු වී ඇත. රජයේ දැඩි අවධානයකට ලක් වූ මෙම සංචාරය සාර්ථක කර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා දැඩි උත්සාහයක් ගෙන තිබුණි.
දෙමළ ඩයස්පෝරාව මහින්ද රාජපක්ෂ ලන්ඩන්
සංචාරයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගෙන තිබුණ අතර අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් වෙත පෙත්සම් රැසක්ද යවා තිබුණි. මීට අමතරව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මැතිණිය නැවතී සිටි හෝටලය ඉදිරිපිට විරෝධතාවයන් කිහිපයක් පැවතුනි. එහි සිටි කොටි රුව රැගත් ධජ මෙන්ම ශ්‍රී ලංකාවේ යුද්ධයේදී යුද අපරාධ සිදුවූ බවත් ඊට අණ දුන් නියමුවා ජනාධිපති රාජපක්ෂ බවත් පුවරුවල ලියා උද්ඝෝෂණය සිදුවූ අතර වජ්‍ර ජයන්තිය කිලිටි කර නොගන්නා ලෙස උද්ඝෝෂකයින් රැජිණ ගෙන්ද ඉල්ලා තිබුනි.
මේ අතර මුස්ලිම් හා සිංහල පිරිස් ජනපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මැතිණියට සහයෝගය දක්වන උද්ඝෝෂණයක්ද පවත්වමින් රැජිනට සුභ පැතුම් එක් කලේය. ශ්‍රි ලංකාවේ හා එංගලන්තයේ ජාතික ධජ අතැතිතව සිටි මොවුන් රාජපක්ෂ පාලනයට සහාය දක්වන බැනර් ප්‍රදර්ශණ කලේය.
![]() |
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මැතිණියට විරෝධය |
![]() |
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මැතිණියට සහාය |
ඇයි හංගන්නේ වැඩේ ඉවරවෙලා එලියට ආවනේ කොටි දිව්වනේ
ReplyDelete