lankahotnews.org
රාජ්‍ය ආයතනවල ඉවතලන කඩදාසි නැවත නිෂ්පාදන අමුද්‍රව්‍ය ලෙසින් භාවිතා කොට ජාතික කඩදාසි නිෂ්පාදනය ඉහල දමන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික කඩදාසි සංස්ථාව දැනුවත් කොට තිබේ ඒ අනුව රාජ්‍ය ආයතනවල ඉවතලන කඩදාසි තම ආයතනය වෙත ලබාදෙන ලෙස ජාතික කඩදාසි සංස්ථාව ඉල්ලීමක් කරයි.
කඩදාසි නිෂ්පාදනයේදී ප්‍රධාන නිෂ්පාදන අමුද්‍රව්‍ය ලෙසින් ඉවතලද කඩදාසි
යොදා ගන්නා බැවින් රාජ්‍ය ආයතනවල ඉවතලන කඩදාසි තම ආයතනය වෙත
ලබාදීම මඟින්
කඩදාසි වෙනුවෙන් විදෙස් රටවලට ඇදෙන මුදල් රට තුළ ඉතිරි කර ගැනීමේ හැකියාව
පවතින බව ද ජාතික කඩදාසි සංස්ථාව සඳහන් කරයි. මෙහි ප්‍රගතිය පිළබද මහින්ද රාජපක්ෂ ජනධිපති වරයා බලාපොරොත්තුවෙන් සිටින බවද ඒ මහතා සදහන් කලේය.
2009වර්ෂයේදී මෙට්‍රික් ටොන් 30ක් වූ වාලච්චේන කඩදාසි කම්හලේ මාසයක කඩදාසි
නිෂ්පාදනය පසුගිය මැයි මාසය තුළ මෙට්‍රික් ටොන් 130 ඉක්මවා ගොස් ඇත.
No comments:
Post a Comment