Tuesday, June 5, 2012

කාන්තාවන්ගේ අසැබි ජායාරූප 6000ක් තබා ගත් වෛද්‍යවරයා නිදැල්ලේ

lankahotnews.org
මෙම වර්ෂයේ මාර්තු 27 වැනි දින පෞද්ගලික අංශයේ රැකියාවක නියුතුව සිටි තරුණියකගේ ඡායාරූප අනවසරයෙන් ගත් පුද්ගලයෙකු ගැන මරදාන පොලීසියට පැමිණිලි කර තිබුණා. එම තරුණිය නිර්භීතව ඉදිරිපත් වී ජායාරූප ලබාගත් පුද්ගලයාගේ කැමරාව, හැඳුනුම්පත් ආදිය ලබාගෙන මරදාන පොලීසියට සාක්‍ෂි සහිතව ඉදිරිපත් කර තිබුණා. එහිදී හෙළිවී තිබුණේ අදාල පුද්ගලයා රජයේ රෝහලක වෛද්‍යවරයෙකු බවයි. ඔහු ඔහුගේ කැමරාව තුළ එවැනි ජායාරූප 6,000ක් පමණ
ගබඩාකර ගෙන තිබුණා. විකෘති කරන ලද පින්තූර විශාල සංඛ්‍යාවක් එහි තිබී සොයා ගත්තා.
නමුත් ශ්‍රී ලංකා පොලීසිය මේ පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කර තිබුණා. 
මේ හෙලිදරව්ව කොළඹදී සිදු කලේ සමාජවාදී කාන්තා සංගමයෙන්. දේශපාලන බලපෑම් සහ නීතිය කි‍්‍රයාත්මක කරන ආයතනවල මෙවැනි අකටයුතුකම් නිසා කාන්තාවන්ට සහ ළමුන්ට සිදුවන අපරාධ වැඩිවීමට බලපා තිබේ යැයිද එම සංගමය වැඩි දුරටත් පෙන්වා දුන්නේය. 
සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ මහත්මිය මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ සෑම විනාඩි 90 කටම වරක් ස්ත්‍රී දූෂණයක් සිදු වන බවත් කාන්තාවන්ට හා ළමුන්ට එරෙහිව මෙවැනි අපරාධ සිදුවන්නේත් දිනපතා පත්තර වාර්තා කරන ආකාරයට මෙවැනි සිද්ධීන් 20කට අධික සංඛ්‍යාවක් දිනපතා සිදුවන්නේත්  බල්ලෝ මරා හෝ සල්ලි හෙවීමේ අරමුණින් කි‍්‍රයාකරන සමාජයක් බිහිකළ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියේ ප‍්‍රතිඵලයක් බවයි. විවෘත ආර්ථිකය හඳුන්වා දුන් මුල් කාලයේ දරුවන් පවා පිටරටවලට විකුණුවා. ඒ වගේම ලිංගික කටයුතුවල යොදවා ආදායම් ඉපැයූවා. ඒවගේම ළමුන් හා කාන්තාවන් ඝාතනය කිරීම් ඉහළ ගොස් ඇති බව පැහැදිලියි. මානව බැඳීම් ඉක්මවා ගිය ආර්ථික සාධක මුලට පැමිණීම නිසා මේ තත්වය උග‍්‍රවී තිබෙනවායැයිද එම මහත්මිය ප්‍රකාශ කලාය.

No comments:

Post a Comment