lankahotnews.org
2010 නොවැම්බර් 18 වනදා ජනාධිපතිතුමන් විසින් විවෘත කල මාගම්පුර වරායට
මාස හයකට පමණ පසු ප්‍රථම වාතවට නැවක් පැමිණ තිබෙනවා. රජය මීට කලින් ප්‍රකාශ කලේ චීනයේ සිට පොහොර ගෙන්වූ නැවක් මාගම්පුරට පැමිණි නිසා එය පලමු නැව බවයි.නමුත් දැන් රජයම පවසන්නේ මාගම්පුරට පසුගිය කාලයේ ඇතැම් පාර්ශ්ව පැතිර වූ බොරු ප්‍රචාර පරදවමින් පලමු නැව පැමිණි බවයි.
හම්බන්තොට වරාය ඉදිකිරීමෙන්
පසුව වක්කඩක් කැඩුවා සේ මුදල් ගලා ඒමට පටන්ගන්නේයැයිද
හම්බන්තොට පොළොවේ සරුවට වැවෙන අඹ, ගස්ලබු, දිවුල්, කෙසෙල් වැනි දේශීය රසවත් පලතුරු
අතරමැදි ගැනුම්කරුවන්ගෙන් තොරව දේශීය නිෂ්පාදකයින්ට විදේශගත වෙළෙඳ පොළට ලබාදීමේ
හැකියාව පෑදෙනු ඇතැයිද පළමුවැනි අදියර යටතේ සෘජු සහ වක‍්‍ර රැකියා අවස්ථා 25000 ක් ඇතිවෙන බවද රජය ප්‍රකාශ කරමින් මෙම වරාය ඉදිකිරීමේදී නිශ්චිත ප්‍රතිපත්තියක් හෝ ඉලක්කයක් නෙමැතිව චීන රජයෙන් ලැබෙන ණය මත පදනම්ව ආම්භ කරන ලදි.
අතීතයේ ලාංකිකයට වරාය ආර්ථිකයට අත්‍යවශ්‍ය දෙයක් වුවද පසුගාමී ධනපති රාජ්‍යයක පුරවැසියාට සේම පාලකයාටද නූතන වරාය ක්‍රියාවලිය පාඩු ලබන සංකීර්ණ තේරුම් ගත නොහැකි ප්‍රපංචයකි.
දැන් හම්බන්තොට වරායේ ආනයන හා ප්‍රති අපනයන කටයුතු අරඹා ඇතැයිද ඒ අනුව ජපානයේ සිට පැමිණෙන ‘ෆිසියා නෞකාව’ වාහන 16ක් සමග හම්බන්තොට වරායට
පැමිනි අතර ‘ ඒෂියන් සන් නෞකාව’ වාහන දහසක් සමඟ අද දිවයිනට
පැමිනීමට නියමිත බවත් බකොළඹ වරායේ පැවති අධික තදබදය හේතුවෙන් වාහන ආනයනය කරන නෞකාවන් දින ගණනක්
පිටත නැංගුරම් ලා තිබෙන බැවින් ආනයනකරුවන්ට ප්‍රමාද ගාස්තු වශයෙන් විශාල
මුදලක් ගෙවීමට සිදුවෙන අතර එය හම්බන්තොට වරාය ආනයන ප්‍රති අපනයන මධ්‍යස්ථානයක් කිරීමෙන් වැලකී ගිය බවත් රජය කියයි.
ඒ අනුව මෝටර් රථ දහසක් රැගෙන ඒෂියන් සන් නෞකාව ඉන්දියාවේ චෙන්නායි වරායෙන්
පිටත්ව හම්බන්තොට වරායට සේන්දු වූ වාට පසුව මෝටර් රථ තොගය ඒෂියන්
ලිප්න්ඩ් නැවට පටවා 15 වැනිදා ඇල්ජීරියාවට ප්‍රති අපනයනය කිරීමට නිමිතය.
රටක වරායකින් සිදුවන්නේ ආනයන අපනයන , ප්‍රති අපනයන හා සේවා හරහා ආදායම් උපදවීමයි. හදිසියේම ආනයන ප්‍රති අපනයන මධ්‍යස්ථානයක් වූ හම්බන්තොට වරාය හෙට දිනයේදී තවත් මුහුණුවරකින් පෙනීසිටිමින් බහුකාර්ය යෝජනා ක්‍රමයක් කියා ප්‍රකාශ කිරීමට බැරි නැත.
-නාරද-
No comments:
Post a Comment