Thursday, June 7, 2012

නිරුවත් වෙරළ තීරයක් සිහිනෙන්වත් නොසිතුවෙමි

lankahotnews.org
ශ්‍රී ලංකාවේ කිසි ම මුහුදු තීරයක නිරුවත් වෙරළ තීර ඇති කිරීමේ අරමුණක් රජයට නොමැති බවත් එවැන්නකට ඉඩ නොතබන බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසී ය.


ඕනෑ ම සමාගමකට ඒ ගැන සිතන්නට හැකි බවත් රජය එවැන්නකට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවද  අමාත්‍යවරයා ප්‍රකාශ කළේය වැඩි දුරටත් අදහස් දැක්වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එවැනි අදහසක් පිළිබඳව සිහිනෙන් හෝ සිතා නොමැති බවය.

සිහිනෙන්වත් ආර්ථික සංවර්ධන ඇමති තුමාට පහල නොවූ මෙම අදහස පහල වී ඇත්තේ බහු ජාතික සමාගම කට බවත් බවයි ඇමති තුමාගේ ප්‍රකාශයෙන් පෙනී යන බව කාගේත් මතයයි.

මෙරට ආයෝජනය කර ඇති විශාලතම කැසිනෝ සමාගම වන ස්ටාඩස්ට් සමාගම  මෙම නිරුවත් වෙරළ තිරය යෝජනා කර තිබුනි. කළුතර වෙරළ තිරය සංචාරක පුරවරයක් ලෙස නම් කිරීමෙන් පසුව එහි වෙරළාශ්‍රිත කඩ කාමර හා නිවාස ඉවත් කිරීමට සැලසුම් කරමින් මෙම වෙරළ තීරය සදහා ඉඩ සාදා දුන්නද ස්ටාඩස්ට් සමාගමට මෙහි නීත්‍යානුකූල භාවය පිළිබද ගැටළු තිබුනද ව්‍යාපෘතිය සදහා යෙදවුම් හා ඉදිකිරීම් තවමත් සිදු වේ.

1 comment:

  1. ලක්ෂ්මන් මාමේ ඔයා දැකලා නැද්ද මීට කලින් මේ වගේ ඒවා. පව් අනේ මෙයා

    ReplyDelete