lankahotnews.org
බාල වියේ දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවලට වැරදිකරු
කෙරුන ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරාධිපති පහලගම සෝමරතන නාහිමියන්ට ලන්ඩනයේ
අධිකරණයකින් වසර හතක සිර දඬුවම් නියම විය. විහාරාධිපති හිමියන් වරද පිළිනොගැනීම නිසා නඩුව මෙපමණ කාලයක් දීර්ඝ වීමට හේතු වීය. 1970 වේ දශකයේ බටහිර ලන්ඩනයේ චිස්වික් පළාතේදී බාල
වියේ දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා හතරකට එහිමියන් වැරදිකරු බව පසුගිය
මැයි මාසයේදී අධිකරණය තීන්දු කළේය.
එහෙත් එහිමියන්ට එරෙහිව එල්ල වී තිබූ ස්ත්‍රී දූෂණ චෝදනාවලට සෝමරතන හිමියන් නිවැරදි කරු බව අධිකරණය තීන්දු කළේය.
පහලගම සෝමරතන හිමියන් ගේ නම දින නියමයකින් තොරව
ලිංගික අපයෝජකයන් ගේ නාම ලේඛනයට ඇතුලත් කිරීමටත් මින් මතුවට සෝමරතන හිමියන්ට ළමුන් සම්බන්ධ කිසිම කාර්යයකට සම්බන්ධ වීමද තහනම් කිරීමටත් තීන්දු ගෙන ඇත.
No comments:
Post a Comment