lankahotnews.org
රාජ්‍ය පොසොන් උත්සවය මෙවර ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථාන පූජා භූමිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කර තිබේ. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙවර පොසොන් පෝදා සිතුල්පව්ව විහාරස්ථාන පරිශ්‍රය වෙත පැමිණෙතැයි අපේක්ෂා කරන අතර, පැමිණෙන සියලු දෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන් ම එම පිරිසගේ පානීය ජල අවශ්‍යතා සහ සනීපාරක්ෂක, සෞඛ්‍ය හා ප්‍රවාහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය පහසුකම් උපරිමයෙන් සලසා දීම සඳහා
මෙහි දී ජනාධිපතිතුමා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
එමෙන්ම පොසොන් උත්සවයට සමගාමී ව සිතුල්පව්ව රජමහා විහාරස්ථාන පූජා භූමියේ සිදු කෙරෙන සංවර්ධන කටයුතුවල දී එහි පෞරාණිකත්වයට කිසිදු ආකාරයකින් හානියක් සිදු නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙස අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කිරීමටද ජනපති අමතක කොට නැත. සෑ මළුව වටා සලපතල මළුව සැකසීම රන්දෙනිගල
සිස්ට්ලර්ස් ලංකා පෞද්ගලික සමාගමේ අධිපති ආර්.ඩී. එස්.කේ. විජේවික්‍රම මහතාගේ ධන
පරිත්‍යාගයෙන් සිදුකෙරේ.
මේ පූජෝත්සවයට පැමිණෙන ජනතාවට අවශ්‍ය ආහාරපානාදිය දන්සැල් මගින් ලබාදීමත්, නවාතැන්
හා ගමනාගමන පහසුකම් මෙන්ම සෞඛ්‍යාරක්ෂාව සඳහා අවශ්‍ය වැඩසටහන් ද කි‍්‍රයාත්මක වේ.
මේ අතර සිතුල්පව්ව විහාරාධිපති මැටරඹ හේමරතන හිමි ප්‍රකාශ කොට තිබුනේ මත් පැන් බී විහාරභූමියට නොපැමිනෙන ලෙසයි. ගැමුණු හස්ති රාජයා මත් පැන් බොන අයට පාඩම් ඉගැන්විය හැකි බවයි.
මේ ගැමුණු හස්ති රාජයාට මත් පැන් ගැන දැඩි ඉවක් තියෙනවලු. මිනිසුන්ට හිරිහැර නොකලත් මිනිසුන් ලග තිබෙන මත් පැන් බෝතල් අරගෙන විනාශ කරන බවයි ප්‍රදේශවාසීහු පවසන්නේ. මිනිස්සුන්ට හිරිහැරයක් නැති මෙ හස්ති රාජයා හැමදාම ආවාස ගේ ළඟටම ඇවිත් නායක හාමුදුරුවො
අතින්ම දෙන පළතුරු කාලා ආපහු කැලේට යන අතර බොහොම සීරුවට හංගාන ගේන අරක්කු ජාති
පුදුම ඉවකින් හොයාගෙන අවිත් කැලෙන් එක පාරටම මතුවෙලා ඇවිත් වාහනේ බෝතල
හංගලා තියෙන තැනින් එළියට අරන් හොඩෙන් බෝතලේ උස්සලා වාහනයක වින්ඩ්ස්ක්‍රීන් එක කුඩුපට්ටම් කිරීමතමා ගැමුණු කල ලොකුම හපන්කම.
ඉතිං මෙම අහම්බය සෑම විටම සිදුවන්නක් ලෙස ප්‍රකාශ කරමින් මත් පැන් බීම විහාරස්ථානයේදීවත් අඩු කර ගැනීමට විහාරස්ථ හිමියන් උත්සාහ දරණ නිසා මත් පැන් බොන්නේ බලාගෙන ගැමුණු පාඩම් උගන්වයි යනුවෙන් ප්‍රකාශ කලා විය හැකිය. රාජ්‍ය උත්සවයකදී මෙවැනි උපක්‍රම හරහා මතට තිත තැබීමට විහාරධිපති හිමියන් ගන්නා උත්සාහය කියාපාන්නේ 2600 සම්බුද්ධ ජයන්තිය අවසන් වුවත් එයින් මනුෂ්‍යයාට ලබාදිය යුතු ශික්ෂනය ලබා දීමට නොහැකි වී ඇති බවයි.
No comments:
Post a Comment