Saturday, June 2, 2012

එල්ටීටීඊ සංවිධනයේ දකුණේ ක‍්‍රියා ශීලීව සිටි (සිංහල කොටි) සහෝරදවරුන් දඩයමට ජවිපෙ සහාය වුනා

lankahotnews.org
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය ලෙකම් පුබුදු ජයගොඩ මහතා වෙබ් පුවත්පතකට අදහස් දක්වමින් කියා සිටියේ ජවිපෙ දක්ෂිණාංශික පක්ෂයක් බවයි. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පුබුදු ජාගොඩ මහතා ජවිපෙ උපතේ සිටම සිය ප්‍රතිපත්ති තුලට සමාජවාදය ඇතුලත් වූවානම් ජාතීන් ගේ ස්වයං තීරණය අයිතිය පිළිනොගන්නත්, දෙමළ අරගල කුඩු පට්ටම් කරන්න ධනේෂ්වර පංතිය සමඟ අත්වැල් බැඳගන්න පුළුවන් කමක්
නැතැයිද

දෙමළ ජාතික අරගලයට සහය දෙන්න ස්වයං තීරණය අයිතිය පිළිගත යුතු නැතැයිද ජවිපෙ එල්ටීටීඊ සංවිධානයට එරෙහිව මතවාදීමය සහයෝගය දීමට අමතරව එල්ටීටීඊ සංවිධනයේ විශේෂයෙන්ම දකුණේ ක‍්‍රියා ශීලීව සිටි සමාජිකයින් දඩයම් කරන්න උදා- විප්ලවවාදී විමුක්ති සංවිධානයේ (සිංහල කොටි) සහෝරදවරුන්ව ධනේෂ්වර හමුදාවට අල්ලා දෙන්න ජවිපෙ විශාල වැඩ කොටසක් කලා යැයිද ප්‍රකාශ කළේය.

මීට අමතරව මාක්ස්වාදී සම්ප‍්‍රදාය නිර්මාණාත්වකව හිතුවත් රෝහණ විජේවීර අඩු පාඩු සහිත නායකයෙක් බවත් සහ විජේවීර යනු මාක්ස්වාදී විප්ලවවාදියෙක් නොවන බවටත් පිළිගෙන තිබුණා.

2002 සුනාමි සහන මණ්ඩලය විසුරුවා හරින්න කියලා ජවිපෙ පාරට බැහැලා එවකට ජනාධිපතිව සිටි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට බල කිරීමද, උතුරු - නැගෙනහිර ඒකාබද්ධ කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමද ජවිපෙ, දෙමළ ජනතාවට එරෙහි වර්ගවාදී අස්ථානයක පිහිටා ගත් ඒ තීන්දු තීරණ බවත් දෙමළ ජාතිකවාදය දුර්වල කරන්න අඩපණ කරන්න ගෙන ආ ක‍්‍රියා මාර්ග බවත් සදහන් කලා.

මෙසේ ජවිපෙ නායකයින්ගේ අඩු පාඩු නිසා ජවිපෙන් එලියට ගිය බවටත් රෝහණ විජේවීර ප්‍රතිපත්ති රකින බවටත් ප්‍රකාශකරමින් ජවිපෙ සමාජිකයින් රවටූ කල්ලි වාදය අද දවසේ තම සැබෑ ප්‍රතිපත්තිය රටට හෙළි කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැර ගිය සාමාජිකයකු අප හා ප්‍රකාශ කලා.




No comments:

Post a Comment