Saturday, March 3, 2012

ආණ්ඩුවේ ජිනීවා පුස් වෙඩිල්ල


lankahotnews.org
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව කිසිදු යෝජනාවලියක් ජිතීවාහිදී ඉදිරිපත් නොකෙරුන අතර අමෙරිකාව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ අවසන් වාර්තාව  මානව හිමිකම් කවුන්සිල සැසි වාර්යේදී ඇගයීමට ලක් කළේය. උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසම මගින් පසුගිය දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කළ ප්‍රකාශනය පිළිබඳව ද මෙහිදී නවනීදම් පිල්ලෙයි මහත්මිය සිය ප්‍රසාදය පළකල අතර උගත් පාඩම් කොමිසම මගින් ඉදිරිපත් කරන ලද නිර්දේශ පිළිබඳව ප්‍රසාදය පළකල

ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් පිළිබඳ අමෙරිකානු සහකාර ලේකම් මාරියා ඔටෙරෝ මහත්මියද උගත් පාඩම් කොමිසම මගින් ඉදිරිපත් කරන ලද නිර්දේශ පිළිබඳව ප්‍රසාදය පළකළේය.
කෙසේවෙතත් ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව තුළින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව මෙහිදී ඔටෙරෝ මහත්මිය සිය අවධානය යොමුනොකළාය. එමෙන්ම ශ්‍රී ලංකාව සමග තවදුරටත් එක්ව කටයුතු කිරීමට අමෙරිකාව සූදානම් බවත්, මානව හිමිකම් සැසිවාරයේ දී ගනුලබන ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාව තුළ ස්ථිර සාමයක් ගොඩනැගීම සඳහා ඉවහල් වනු ඇති බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටියාය.

No comments:

Post a Comment