Wednesday, March 7, 2012

මහින්ද රාජපක්ෂයි රටයි කියන්නේ එකක් නෙවෙයි දෙකක්


lankahotnews.org
ජනතාවට දැරිය නොහැකි ජීවන බරක් පටවා තිබියදී තෙල් මිල, බස් ගාස්තු, විදුලි ගාස්තු ඉහළ දමා නාස්තිකාර වියදම් ජනතාව මත පටවන ආණ්ඩුව වහාම තෙල් මිල අඩුකර ජීවන වියදම් අඩුකිරීමට බල කරණබව බහුජන සංවිධාන ගණනාවක ඒකාබද්ධ විරෝධතාවයකදී අවධාරණය කෙරින. අද සවස කොටුව දුම්රිපොළ ඉදිරිපිටදී පැවති මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානයකර තිබුනේ ජාතික වෘත්තීයසමිති මධ්‍යස්ථානයයි.


මෙහිදී අදහස් දැක්වූ ජාතික වෘත්තීයසමිති මධ්‍යස්ත්‍යානයේ සභාපති කේඩී ලාල්කාන්ත මහතා

රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න හමුවේ උත්තර නැති ආණ්ඩුව ජීනීවා නාඩගමක් පෙන්වලා ප්‍රශ්න යටගහනවා. අපි මේ රටේ ජනතාවට පැහැදිලිව එක දෙයක් කියන්න ඕනෑ. අධීරාජ්‍යවාදීන්ගේ ලෝකබැංකුවයි IMFඑකයි ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදීන් එක්කයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සහයෝගයෙන් වැඩකරනවා. ඒ අතර සාධාරණ අයිතීන් දිනාගන්න උද්ඝෝෂණය කරන ජනතාවට වෙඩිතබා ඝාතනය කරනවා. කටුනායකදී රෝෂේන් චානක සහෝදරය ඝාතනයකළා. හලාවතදී ඇන්තනී ප්‍රනාන්දු සහෝදරයව ඝාතනය කළා.

මේ තත්වය යටතේ අපි පැහැදිලිවම ජනතාවට එක දෙයක් කියන්න අවශ්‍යයි. අපිට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රකින්න කිසිම ඕනකමක් නෑ. ඒත් ඕනෑම වෙලාවක රටට ප්‍රශ්නයක් එනවානම් රට වෙනුවෙන් අරගල කරන්න අපි ලෑස්තියි. මහින්ද රාජපක්ෂයි රටයි කියන්නේ එකක් නෙවෙයි දෙකක්. රටට ප්‍රශ්නයක් එන වෙලාවක අපි ඒකාබද්ධ මධ්‍යස්ථානයක් ඇතිකරළ ඕනෑම අරගලයක් කරනවා. ඉතිහාසයේ ඒක කරල තියෙනවා. දැන් වීරයෝ වෙලා ඉන්න කට්ටිය ඇදන්යට හැන්ගිලා හිටියකාලේ අපි ඒ වැඩේ කළා. අවශ්‍යතාවය අනුව අනාගතයෙදිත් කරනවා.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි බත් බැලයොයි දැන් ජනතාව මර්ධනය කරන්න කදුළුගෑස් රබර් උණ්ඩ, බැටන්පොළු ආනයනයකරන්න යනවා. වැඩකරන ජනතාවගේ උද්ඝෝෂණ මර්ධනයෙන් යට කරන් බෑ. ලෝක ඉතිහාසය ඒ පාඩම උගන්වලා තියෙනවා. ඒකාධිපති නායකයේ ජනතා බලය ඉදිරියේ සංහාසනවලින් බැහැලයන්න සිදුවුනා. අපේරටේ දැන් එක එක තැන හුදකලා සටන්කළා ඇති. ඒ කාළය ඉවරයි. සියළුම අරගල ඒකාබද්ධ කළ නායකත්වයක් යටතේ දියතක්කළ යුතුයි. සටන් ජයග්‍රහණය කිරීමට බහුජන සංවිධාන ඒකාබද්ධව සාධාරන ඉල්ලීම් වෙනුවෙන් අරගලකලයුතුයි. මේවන විටත් ත්‍රීවීල් හිමියන්ගේ සංගම්, බස් හිමියන්ගේ සංගම් මේ සටනට එකතුවීමට සූදානමින් ඉන්නවා. සාධාරණ ඉල්ලීම් ජයග්‍රමනයෙන් මිස අපි මේ සටන නවත්වන්නේනෑ.

No comments:

Post a Comment