Wednesday, March 7, 2012

පිරිවෙන් අධ්‍යාපනය ඩිජිටල් කරනයට බන්දුල ගුණවර්ධන මහතා


lankahotnews.org
පිරිවෙන් අධ්‍යාපනය ද නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතු බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සබරගමුව පළාතේ පිරිවෙන් විද්‍යායතන සඳහා පියානෝ, ග්‍රීන් බෝඩ් ඇතුළු පාසල් උපකරණ බෙදාදීම වෙනුවෙන් ඇහැලියගොඩ ශ්‍රී සුමන විද්‍යායතන පිරිවෙනේ පැවැති උත්සවයකට එක් වෙමිනි.
දේශීය සංස්කෘතිය, සදාචාරය නිර්මාණය කිරීමේ දී හා අනාගත පරපුර‍ට පවරා දීමේ දී පිරිවෙන සුවිශේෂි දායකත්වයක් ලබා දෙන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා
වර්තමාන ලෝකය සමඟ ඉදිරියට යමින් අදට ගැ‍ළපෙන ආකාරයෙන් එම දැනුම නූතන පරපුර‍ වෙත ලබාදීමට පිරිවෙන් වෙත තාක්ෂණික අධ්‍යාපනය ලබාදිය යුතු බව ද පෙන්වා දුන්නේය.

වර්තමාන ගෝලීකරණය හමුවේ ඉදිරියේ දී ඇති වන තාක්ෂණික දියුණුවත් සමඟ දරුවන් ජාත්‍යන්තර අභියෝග ජය ගත හැකි පිරිසක් ලෙස නිර්මාණය කළ යුතු බවද ඒ මහතා මෙහි දී සඳහන් කළේය.

No comments:

Post a Comment