Saturday, March 3, 2012

රට ආරක්ෂා කරනවා ආණ්ඩුව ආරක්ෂා කරන්නේ නෑ - ලාල්කාන්ත


lankahotnews.org
 ඕනෑම අවස්ථාවක අපි රට ආරක්‍ෂා කරන්න ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලත් තියෙනවා. හැබැයි ආණ්ඩුව ආරක්‍ෂා කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ආණ්ඩුවයි ඇමරිකා එක්සත් ජනපදයයි එක්සත් ජාතික පක්‍ෂයයි තුනම කියන්නේ එකම දෙයක්. මේ කුන්ගොල්ලගේම ඒකාබද්ධව යන වැඩක් තියෙන්නේ. ජනතා ප‍්‍රශ්න යට ගහන්න ආණ්ඩුව ජිනීවා නාඩගමක් රඟ දක්වනවා. අපි ඒකට විරුද්ධයි.
ජනතා ප‍්‍රශ්න යට ගහන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කැඳවූ මාධ්‍ය හමුව අමතමින් ජ.වි.පෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය‍.
මෙම අවස්තාවේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති, සමස්ත ලංකා වතු කම්කරු සංගමය, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය, කුඩා තේවතු හිමියන්ගේ ඒකාබද්ධ සම්මේලනය යන මූලික සංවිධානවල එකතුවෙන් තෙල් මිල අඩුකිරීමට ආණ්ඩුවට බලකිරීමේ උද්ඝෝෂණ පිළිබඳවද සදහන් කල එතුමා ‍එම උද්ඝෝෂණ මාලාව මාර්තු 05 සවස 04 ට කොළඹ දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කරනබව ප්‍රකාශ කලේය.
මෙම අවස්තාවේ වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමා දේශපාලන පක්‍ෂවලට වෙනම න්‍යාය පත‍්‍ර තියෙනවා. දේශපාලන පක්‍ෂ ඒ අනුව වැඩ කලාවේ. බහුජන සංවිධාන එකමුතුවක් විදියට අපි ආණ්ඩුවට බලකරන්නේ අසීමිතව ඉහළ දමා ඇති තෙල් මිල පහත දමන ලෙසයි. බොරු සහනාධාර ප්‍රෝඩා ගැන කීමෙන් ජනතාව රවට්ටන්න ඉඩ දෙන්නේ නැහැ. සියලූම ආකාරයෙන් ජනතාව පීඩාවට පත්කරන ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ගවලට විරුද්ධව ඒකාබද්ධ අරගලයකට අපි නායකත්වය දෙන බවත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment