Saturday, January 28, 2012

රජයේ රෝහල්වල අඩුපාඩු රැසයි - x ray පටල හිගයි


lankahotnews.org
ආණ්ඩුව ප්‍රධන පෙලේ රජයේ රෝහල්වල අඩුපාඩු ඇති කර ජනතාව පෞද්ගලික රෝහලවලට ජනතාව යොමුකිරීමේ වැඩපිළිවෙලක් සිදු කරන බව (27) කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් සමස්ථ ලංකා සුව සේවා සංගමය පවසන ලදි. දැනට මාස 6ක පමණ කාලයක් තිස්සේ රජයේ
රෝහල්වල 35 හා 35-45 යන ප්‍රමණවල එක්ස්රේ පටල වල දැඩි හිගයක් පවතින් බව පවසන සමස්ථ ලංකා සුව සේවා සංගමය රජය එම ගැටළුව විසඳීමට කිසිදු පියවරක් නොගන්නා බව ද එම සංගමය පවසන ලදී. මේ වන විට එම එක්ස්රේ පටල ලබා දෙන පෞද්ගලික ආයතන සෞඛ්‍ය අමාතංශයේ ඉහළ නිලධාරීන් සමග ඇති කරගෙන ඇති හොර ගිවිසුම් නිසා වෙනත් ආයතනවලින් එම එක්ස්රේ පටල ලබා ගැනීමට ද නොහැකි වී ඇති බව එම සංගමය පවසයි.
නමුත් රජය පවසන්නේ මෙම එක්ස් රේ පටල ලෝකයේ නිෂ්පාදනය හිගබවයි. එම නිසා ඉන්දියාවෙන් වෙනත් තාක්ෂණයක්
සොයන බවයි. නමුත් මෙවැනි තොරාගැනීමක් කලයුත්තේ වාසිය මත බවත් එවන් දැක්මක් සෞඛ්‍ය බලධාරීන්ට නොමැති බවද
පවසා තිබේ.

No comments:

Post a Comment