Friday, January 27, 2012

රුපියලේ අගය තවත් පහත දැමීමට IMF බලපෑම්


lankahotnews.org
ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස රජයට බලකර සිටින්නේ ශ්‍රී ලංකා ආර්ථිකය බරපතල තත්වයක් කරා ගමන් නොකිරීමටනම් රුපියලේ අගය පහත දැමිය යුතු බවයි. ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේද ශ්‍රි ලංකාවේ වෙළද පරතරය 38.8කින් ඉහල ගොස් ඇති බවයි. මේ අනුව වෙළද පරතරය ඩොලර් බිලියන 1.1 දක්වා ඉහල ගොස් පසුගිය නොවැම්බරයට සාපේක්ෂව විදේශ සංචිත ප්‍රමාණයද විශාල ලෙස පහල බැස තිබෙනවා.


රජයේ අසීමිත ණය ගැනීම හා අනවශ්‍ය වියදම් මීට හේතු බවත් අර්බුදය පියවීමට ඩොලර් විකිණීම කල ආණ්ඩුව විදේශ සංචිත විශාල වශයෙන් අඩුකර ගත්තා. දැන් මෙය විෂම චක්‍රයක් වී ඇති අතර ණය ලබාදෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි යැපීමට සිදුවන්නේ මේ නිසායි. මේ අනුව සැප්තැම්බර් මාසයේ සිටම IMF ණය මුදල් තාවකාලිකව අත්හිටවූවා. දිගින් දිගටම රුපියල පාකිරීමේ උවමනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස රජයට බලකර සිටිනවා. අධිරාජ්‍යවාදයට වාසි සලසා ගැනීමේ ඉමකින් මෙහා තීරණවලට නොඑලබෙන IMF යෝජනා රැසක් ක්‍රියාත්මක කලද ලැබෙන ප්‍රතිචාරය මෙයයි.

No comments:

Post a Comment