Saturday, January 28, 2012

UN සාම හමුදා උපදේශක මණ්‌ඩලයට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා


lankahotnews.org
එක්‌සත් ජාතීන්ගේ සාම හමුදා උපදේශක මණ්‌ඩලය සඳහා එක්‌සත් ජාතීන්ගේ බලධාරීන් විසින් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර ඇති බව රජය ප්‍රකාශ කරයි. එම පත්වීම සඳහා ජගත් මහලේකම් වරයාද අනුමැතිය ලබා දී ඇත. ශවේන්ද්‍ර සිල්වා එම උපදේශක මණ්ඩලයට ඇතුළත්වූ ප්‍රථම ආසියානු ජාතිකයා වීමද විශේෂත්වයකි. එක්සත් ජාතීන්ගේ සාමසාධක
කටයුතු පිළිබඳ විශේෂ උපදේශන කමිටුව මේ මස අවසන් වීමට පෙර පළමු රැස්වීමට පැවැත්වීමට නියමිතව තිබේ.

එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කරන ශවේන්ද්‍ර සිල්වා මහතාව එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් ඇමරිකානු කොටි ජාලය විසින් මහ ලේකම් බෑන් කී මූන් වෙත පෙත්සම් යවා තිබුණද මෙම පත්කිරීමත් සමඟ ඔවුන් කම්පනයට පත්ව ඇති බවද වාර්තා වේ.

No comments:

Post a Comment