Friday, January 27, 2012

රුසියාව කොටස්වලට කැඩීමේ අනතුරක්


lankahotnews.org
රුසියාවේ දැනට පවතින ජනවාර්ගික අර්බුද හේතුවෙන් රට කොටස්වලට කැඞී යෑමට ඉඩක් පවතින බව එරට අගමැති ව්ලැඞ්මීර් පුටින් අනතුරු අඟවයි. අගමැතිවරයා (23) රුසියානු පුවත්පතකට ලබා දුන් සමුම්ඛ සාකච්ඡාවකදී සහ මොස්කව් නුවර ජනතා රැලියක් ඇමැතූ අවස්ථාවේදී
මේ බව පවසා ඇත. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු වෙන් වුණු රටවල තවමත් සිවිල් යුද්ධ පවතින බවත් රුසියාව එසේ කැබැලි වීමට ඉඩ නොතැබිය යුතු බවත් අගමැති පුටින් අවධාරණය කර තිබේ. කම්කරුවන් රැකියා සොයා වෙනත් රටවලට සංක‍්‍රමණය වීම හේතුවෙන් සංක‍්‍රමණික නීති දැඩි කොට කම්කරුවන් රටින් පිටවීම අවම කිරීමට නීති සම්පාදනය කරන බව ද පුටින් වැඩි දුරටත් කියා සිටියි. වසර 2000 දී රුසියාවේ ජනපති ධුරයට පත් පුටින්, ලබන මාර්තුවේ පැවැත්වෙන රුසියා ජනාධිපතිවරණයට යළි ඉදිරිපත් වීමට නියමිතය. පුටින් ජනපති ධුරයට පත්වුවහොත් තවත් වසර 6 ක් බලයේ රැඳී සිටිනු ඇතැයි අනාවැකි පළ වී ඇත.

No comments:

Post a Comment