Friday, January 27, 2012

ඕස්ට්‍රේලියානු අගමැතිනියට ඇබොර්ජින්වරුන් පහර දීලා

ඕස්ටේ‍්‍රලියාවේ කැන්බරා නගරයේදී පැවති උත්සවයකදී අගමැතිනි ජූලියා ගිලාඩ් මහත්මිය කරදරයකට මුහුණපා ඇති බව වාර්තා වේ. එම උත්සවයෙන් අනතුරුව පැවති තේපැන් සංග්‍රහය අතරතුරදී විරෝධය දක්වමින් එම ස්ථානයට පැමිණි ඕස්ට්‍රේලියානු ආදිවාසීන් වන ඇබොර්ජින්වරුන් 200 ක පමණ
කණ්ඩායමක් අග්‍රාමත්‍යවරියට සිය විරෝධය පලකොට ඇති බව එම මාධ්‍ය වාර්තා පවසයි.

කෙසේ වෙතත් ආරක්ෂකයින් විසින් අග්‍රාමාත්‍යවරිය ආරක්ෂිතව රැගෙනගොස් ඇති අතර එහිදී කිසිවකු විසින් ඇයගේ පාදයකින් ඇදීමේදී ඇය පැළඳ සිටි සපත්තුවක් ගැලවී තිබේ. නමුත් ඇයට හානියක් සිදුව නොමැති අතර ඇය පිටයගිය වාහනයේ වහලයට හා ඉදිරිපසට පහරදී ඇති බවද සඳහන්ය. ඇයගේ සපත්තුවද සමග උද්ඝෝෂකයින් උද්ඝෝෂණයේ යෙදුනි.

No comments:

Post a Comment