Friday, January 27, 2012

දෙවන යුධ අධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක්


lankahotnews.org
දෙවන යුධ අධිකරණය ලබාදුන් තීන්දුව තහවුරු කරමින් අභියාචනාධිකරණය පසුගිය දෙසැම්බර් 16 වන දින ලබාදුන් තීන්දුවට එරෙහිව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ශ්‍රේෂ්ඨාධීකරණයට අද අභියාචනයක් ඉදිරිපත් කළේය.


එහි දැක්වෙන්නේ හිටපු හමුදාපතිවරයාට දෙවන යුධ අධිකරණය නියම කළ මාස 30 ක සිර දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට ගොනු කළ අභියාචනය සාධාරණව විභාග කර නොමැති බවය.

අභියාචනාධිකරණය වැරදි සහගත ලෙස එම අභියාචනය පිළිබද තීන්දුවකට එළඹ ඇති බවද එම පෙත්සමහි දැක්වේ.

පෙත්සමේ දැක්වෙන්නේ, එය විභාග කිරීම සදහා ද අභියාචනාධිකරණය වැඩි කාලයක් ගත් බවය.

මෙම අභියාචන පෙත්සමෙන් හිටපු හමුදාපතිවරයා ඉල්ලා ඇත්තේ යුධ අධිකරණයේ නඩු විභාගයේ සියළුම නඩු වාර්ථා ශ්‍රේෂ්ඨාධීකරණය වෙත ගෙන්වා ගෙන එය සුපරික්ෂාකාරී ලෙස පරීක්ෂණයට භාජනය කරන ලෙසය.

අභියාචනාධිකරණයේදී ඉදිරිපත්වූ සියලුම කරුණු ඉතා වැදගත්වන බවත් එය මහජනයාට ද වැදගත්වන හෙයිනුත් ඒ පිළිබදව වැඩි පරීක්ෂාවකට භාජනය කරන ලෙස හිටපු හමුදාපතිවරයා සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.

එම අභියාචනා පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධීකරණය හමුවට න‍ගා ඇති ප්‍රශ්නයක් වනුයේ යුධ අධිකරණයෙන් හිටපු හමුදාපතිවරයා ඉල්ලා සිටි සහනයන් ලබා ගැනීමට ඔහුට අයිතියක් තිබේද යන්න පිළිබදව සලකා බලන ලෙසය.

පෝල් රත්නා‍යක නීතීඥ සමාගම මගින් හිටපු හමුදාපතිවරයා මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත.

No comments:

Post a Comment