Thursday, January 26, 2012

කටාර් තෙල් වෙනුවට ඕමාන් තෙල් - ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය


lankahotnews.org
ඉරානයට ඇමෙරිකාව පැනවූ සම්බාධක සමග ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ආයෝජනය තව මාස 02කින් පමණ බිද වැටීමට නියමිත අතර ඊට විකල්පය කටාර් රාජ්‍යයෙන් බනිජ තෙල් ලබා ගැනීම සිහිනයක් වූයේ ඊට සරිලන ලෙස ඛනිජ තෙල් පිරිපහදුව නවීකරනයට මුදල් ශ්‍රී ලංකාවට
යෙදවීමේ නොහැකියාව නිසයි. දැන් ශ‍්‍රී ලංකා රජය හා ඕමාන් රජය අතර ඛනිජ තෙල් ක්ෂේත්‍රය පිළිබඳ මෙන්ම ආයෝජන සම්බන්ධව එකඟතාවයන් ඇතිකර ගැනීමට නියමිත බව කියැවෙයි. මේ සදහා ඕමාන් රාජ්‍ය ඛනිජ තෙල් හා ගෑස් පිළිබඳ අමාත්‍ය ආචාර්ය
මොහොමඞ් බින් හමාඞ් අල් රූමි (Mohammed Bin Hamad Al-Rumhy)මහතා හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

දෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන ඕමාන් තෙල් හා ගෑස් පිළිබඳව අමාත්‍යතුමන් ඇතුළු දූත පිරිස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සමඟ මෙන්ම ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සමඟ විශේෂ සාකච්ඡාවන් පැවැත්වීමට නියමිත බව අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මෙම විශේෂිත නියෝජිත පිරිසට අයත් ශ‍්‍රී ලංකාවේ ඕමාන් තානාපති ශේක් හුමෛද් අල් මානි මහතා (Sheikh Humaid Al-Maani)  (25) රාත‍්‍රියේ ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එකී නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

No comments:

Post a Comment