Thursday, January 26, 2012

ආයුර්වේද වෙදකම කියා බටහිර වෙදකම උගැන්වීම වැරදියි


lankahotnews.org
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳ වූ උපාධියක් ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය පීඨය මගින් පිරිනමන බවත්,එහි නව විෂය නිර්දේශය පිළිබඳ තම සංගමය ගැඹුරින් අධ්‍යයනය කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චන්දන එපිටකඩුව මහතාගේ
අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මෙම විෂය නිර්දේශයේ අන්තර්ගත බොහෝ කොටස් බටහිර වෛද්‍ය විද්‍යා විෂය ක්ෂේත්‍රයට අයත් කරුණු මිස ආයුර්වේද වෛද්‍ය විද්‍යා විෂය ක්ෂේත්‍රයට අයත් කරුණු නොවන බවට ඔවුන් චෝදනා කරයි. එමනිසා ආයුර්වේද වෛද්‍ය උපාධි නව විෂය නිර්දේශය වහා සංශෝධනය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එබැවින් මෙම විෂය ධාරාව හදාරා පිටව යන" ආයුර්වේද වෛද්‍යවරුන්" යයි කියා ගන්නා පිරිස බටහිර වෛද්‍යවරුන්ද නොවන ආයුර්වේද වෛද්‍යවරුන්ද නොවන අතරමැදි පිරිසක් වනු ඇති බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙයි.

දැනට රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 40,000 ක් පමණ සිටින බැවින් මේ අයුරින් වෛද්‍ය අතරමැදියන් පිරිසක් බිහිකිරීමට සූදානම්වීම"ව්‍යාජ වෛද්‍යවරුන්"නීතිගත කිරීමට දරන උත්සාහයක් බව පෙනී යන බවද ඔවුන් කියා සිටියි.

3 comments:

  1. sinhala vaidyawarayek batahira waidya vidyawa pragunakirima weradida? batahira vidyawarayek ayurveda igenagaththama athi warada mokakda?

    ReplyDelete
  2. sinhala vaidyawarayek batahira waidya vidyawa pragunakirima weradida? batahira vidyawarayek ayurveda igenagaththama athi warada mokakda?

    ReplyDelete
  3. මෙතන තියෙන්නෙ හුදෙක් ඉරිසියාවක් සහ තමන්ට සහ ලාංකික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බටහිර වෛද්‍යවරුන් අත තිබෙන නින්දිත ඒකාධිකාරයට එල්ලවිය හැකි අභියෝග පිළිබඳ බිය පමණයි.

    දැනුම එක්‍ රැස් කිරීමට කාටවත් කුමන හෝ පාර්ශවයකට තහංචි පනවන්න බැහැ. ශරීරයේ ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය සම්බන්ධ නූතන දැනුම බටහිර හෝ දේශීය පදනමක් නැතිව සියළුම වෛද්‍යවරුන්ට වැදගත්.තමා හමුවට එන රෝගීයාගේ රෝග ඉතිහාසය හා ප්‍රථිකාර ඉතිහාසය් දැනගැනීමට නවීන ඖෂධ වේදය පිළිබඳ දැනුමත් අවශ්‍යයි. ව්‍යාධිවේදාත්මක පරීක්ෂණ මඟින් රෝගියා පිළිබඳ වැඩි අවබෝධය ලබා ගැනීම වරදක්ද?
    අනෙක් අතට දැනුම කාලයට සාපේක්ෂයි.උදාහරණයකට වසර දහස් ගණනක් පැරණි ආයුර්වේද මූල ග්‍රන්ථවල රූ සටහන් ඇසුරින් බටහිර ශල්‍ය උපාංග නිපදවා ඇති බව රහසක් නොවෙයි. වෛකල්පික වෛද්‍ය ක්‍රමයකට වඩා වැඩි යමක් ආයුර්වේදයට කළ හැකියි.නූතන දැනුම ප්‍රවේශමෙන් ආයුර්වේද හා දේශීය දැනුම සමග සංකලනය කළහොත් .මේ භීතිය ඒ නිසාමයි.

    නිවැරදිව බැලුවොත් බටහිර වෙදකම හදාරන ශිෂ්‍යයකුට වැඩි වෙහෙසක් තම උපාධිය සම්පූර්න කිරීමට ආයුර්වේද සිසුවකුට දරන්න සිදුවෙනවා. උදාහරණයකට පළමු වසර ආයුර්වේද උපාධි අපේක්ෂක ශිෂ්‍යයෙක් ආයුර්වේද විෂයයන් අටකට ආසන්න ගණනක්, භාෂා විෂයන් තුනක් (හින්දි,සංස්කෘත ඇතුළුව), සහ නවීන ශාරීරික ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය සම්බන්ධ දැනුම ලබා දෙන (මෙහි බටහිර වෛද්‍ය විද්‍යා විෂය ක්ෂේත්‍රයට අයත් කරුණු ලෙස දක්වන විෂයන්) දෙකක් හෝ තුනක් සඳහා වෙහෙස විය යුතුයි.ඒ පරාස තුනක විහිදුනු දැනුම් ප්‍රභේද තුනක් බව අමතක නොකල යුතුයි.

    ReplyDelete