Thursday, January 26, 2012

ඉන්දීය ධීවරයින් 43 නිදහස්වීමක් නෑ අද අධිකරණය ඉදිරියට


lankahotnews.org
ත‍්‍රිකුණාමලය - පුල්මුඬේ උතුර මුහුද තීරයේදී ඉන්දීය ධීවරයන් 43 දෙනෙකු සමග ට්‍රෝලර් යාත‍්‍රා 6 ක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය සඳහන් කළේ (24) රාත‍්‍රියේ අත්අඩංගුවට ගත් මෙම ධීවරයන් ත‍්‍රිකුණාමලය වරාය
පොලීසියට වැඩිදුර පරීක්ෂණ සඳහා භාරදුන් බවයි. ති‍්‍රකුණාමලය - පුල්මුඬේ සහ කෝකිලායි මුහුදු තීරයේ විශාල ප‍්‍රමාණයේ ඉන්දීය ධිවර යාත‍්‍රා විශාල සංඛ්‍යාවක් ධීවර කටයුතුවල නිරත වන බවට ප‍්‍රදේශයේ ධීවරයිය් දින ගණනාවක් පුරා චෝදනා කළා.

නමුත් ඉන්දීය වාර්ථා සදහන් කලේ මෙම ධීවරයින් 43 හා ට්‍රෝලර් යත්‍රා 06 අද 26දින නිදහස් කරන බවයි. ත්‍රිකුණාමල පොලීසිය ‍සදහන් කලේ මෙම ධීවරයින් අද දින ත්‍රිකුණාමල අධිකරණයට ඉදිරිපත් කරන බවත් මෙම අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස් කර්යාලය පැමිණ සැබෑ තොරතුරු ඉන්දියාවට සපයනු ඇති බවත්ය.

No comments:

Post a Comment