Wednesday, January 25, 2012

රැදවියන් සියලූ දෙනාගේම තොරතුරු විනාශයි


lankahotnews.org
මැගසින් බන්ධනාගාරයේ ඊයේ (24) ඇතිවූ ගින්නෙන් එහි රැදවියන් සියලූ දෙනාගේම තොරතුරු ඇතුළත් ලේඛන මුළුමනින්ම විනාශ වී ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ රැදවියන් එම ලේඛන ඇතුළත් ගොඩනැගිල්ලට සහ එහි ගබඩාවට
ගිනි තබා ඇති බවයි.  මීට අමතරව මැගසින් බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියා.

 කලහකාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලක්ෂ 70කට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි විෂය භාර අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකුගේ ප‍්‍රධානත්වයෙන් ති‍්‍රපුද්ගල කමිටුවක් පත් කර ඇති අතර, ඔවුන් අද (25) දිනයේ විමර්ශන කටයුතු ආරම්භ කරන බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

බන්ධනාගාර නිලධාරීන් සහ රැදවියන් අතර ඇතිවූ ගැටුමෙන් අනතුරුව බන්ධනාගාරයේ නිළධාරීන් දෙමළ රැදවියන්ට පහර දීමක් පිළිබදවද සදහන් වූවත් එහි තොරතුරු තවම අපවෙත ලැබී නෑ.

No comments:

Post a Comment