Wednesday, January 25, 2012

13 කියන්නේ සුදු අලියෙක් 13+ කියන්නේ

lankahotnews.org
අපි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දන්නවා. නමුත් ''13 ප්ලස්'' ගැන අපි දන්නෙ නෑ. දන්න දෙයක් ගැන නම්, හොද හෝ නරක කියන්න පුළුවන්. නමුත් අපි නොදන්න දෙයක් ගැන කියන්න බෑ. යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා
අද ලක්බිම පුවත් පතට ප්‍රකාශ කර ඇත. ඒ මහතා වැඩි දුරටත් පවසා ඇත්තේ

13 වෙනි සංශෝධනය ව්‍යවස්ථාවේ තිබෙන දෙයක්. එය ක්‍රියාත්මක නොවුණත්, ව්‍යවස්ථානුගත දෙයක් ලෙස අපි පිළිගන්න ඕන. 13 වෙනි සංශෝදනයෙන් ස්ථාපිත කෙරුණු පළාත් සභා අක්‍රියයි. සුදු අලියෙක් වගෙයි. නමුත් 13 ප්ලස් කියන්නේ මොකක්ද?

ආණ්ඩුවේ ඇමතිවරු එක එක දේවල් කියනවා. කෙහෙළිය රඹුක්වැල්ල එකක් කියනවා. ජී.එල්. පීරිස් තව එකක් කියනවා. අපි විශ්වාස කරන්නේ මොකක්ද? 13 ප්ලස් ගැන මුලින්ම රජය රටට හෙලි කළ යුතුයි.

No comments:

Post a Comment