Friday, December 9, 2011

UNP නියම නායකයා මමයි - ජෝන් අමරතුංග


lankahotnews.org
එක්සත් ජාකිත පක්ෂය තුළ හටගෙන ඇති නායකත්ව අර්බුදය නිසා මේ දිනවල දේශපාලන කරලිය උණුසුම් වී ඇත. එජාප නායකත්වය සදහා තරගකිරීමට කරු ජයසූරිය මහතා ඉදිරිපත්වී ඇත. ඒ සම්බන්ධයෙන් ඊයේ (08) කොළඹ තම නිවසේ පැවති මාධ්‍ය හමුවක දී අදහස්
දක්වමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා කියාසිටියේ ආණ්ඩු පක්ෂයට එක්වූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂය සමග නැවත එක්වූ අවස්ථාවේ පක්ෂය හැර නොයන බවටත්, පක්ෂ නායකත්වයට බලපෑම් නොකරන බවටත්, මහත්මා දේශපාලනයක නිරත වන බවටත් ප්‍රතිඥාවක් ලබා දී ඇති බවයි.

කරූ ජයසූරියට වඩා එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා තමන්ට සුදුසුකම් පවතින බවත් තමන්ට වඩා නායකත්වය සඳහා සුදුසුකම් පවතින ජ්‍යෙෂඨයින් පක්ෂය තුළ සිටින බවත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බව පැවසීය. ආණ්ඩු පක්ෂයට එක්වූ කරු ජයසූරිය නැවත එක්සත් ජාතික පක්ෂය සමග නැවත එක්වූ අවස්ථාවේ නැවත පක්ෂය හැර නොයන බවටත්, පක්ෂ නායකත්වයට බලපෑම් නොකරන බවටත්, මහත්මා දේශපාලනයක නිරත වන බවටත් ප්‍රතිඥාවක් ලබා දී ඇති බව ජෝන් අමරතුංග අවධාරණය කරයි. එසේ ප්‍රතිඥාවක් ලබාදුන් කරූ ජයසූරිය අද මෙසේ පක්ෂ නායකත්වය වෙනුවෙන් තරග කිරීමට ඉදිරිපත්වීම සදාචාරාත්මක නොවන බව ද හෙතෙම පවසයි.

No comments:

Post a Comment