Saturday, December 10, 2011

IMF ඉදිරියේ පනවාගත් ස්වයං වාරණය නිසා ඩොලර් සංචිත හිදේ


lankahotnews.org
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ආරක්ෂා කර ගැනීමට ඩොලර් විකුණමින් මහ බැංකුව මැදිහත් වෙමින් තිබෙන වාතාවරණයකදී ගෙවුණු අගෝස්තු මාසයට සාපේක්ෂව මෙරට විදේශ සංචිතය සැප්තැම්බර් මාසය වනවිට සියයට 11.8 කින්
අඩුවී තිබෙන බව අනාවරණය වේ. හදිසියේ අයවැය මගින් රුපියල අවප්‍රමාණය කිරීම නිසා ඩොලරයට හුවමාරු වන රුපියල් ගණන 113.90 ක් වැනි අගයක් දක්වා වැඩිවූ අතර පොලී අනුපාත සැප්තැම්බර් දෙවන සතිය වනවිට ඉහළට ගමන් කළේය. නමුත් ආණ්ඩුව ප්‍රකාශකල පරිදි විදේශ මුදලට සාපේක්ෂව දේශීය මුදල් ඒකකය ගැලපීමක් සිදුවූ බවයි. නමුත් සිදුවූයේ ඇමෙරිකානු ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය ගැලපීමක් සිදුවීම පමණි. මෙමගින් සිදුවූයේ ඇමෙරිකානු ඩොලරයේ අවප්‍රමාණය වීම විසින් ඇති කොටගත් වාසි දායක තත්වය අහිමිකොට ගැනීමයි. මෙය හුදෙක්ම බටහිරට රටේ ආර්ථිකය පාවාදීමකි.
මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලින් අනාවරණය වන්නේ සැප්තැම්බර් වනවිට මෙරට විදේශ සංචිතය ඩොලර් මිලියන 7,095 ක් දක්වා අඩුවී තිබෙන බවයි.
දැනට තිබෙන විදේශ සංචිතය මාස 4.6 ක ආනයන සඳහා ප්‍රමාණවත් වනබව මහ බැංකුව සඳහන් කර තිබේ. මෙරට ඩොලරයට ඈඳූ විනිමය අනුපාත ක්‍රමයක් පවත්වාගෙන යන අතර මහ බැංකුව විනිමය අනුපාතය හා පොලී අනුපාතය එකවිට පාලනය කිරීමේ උත්සාහයේ යෙදී සිටී.
ඩොලරයට හුවමාරු වන රුපියල් ගණන 110 ක් පමණ වනවිට මෙරට වාණිජ බැංකු වලින් ගලාගිය ණය ප්‍රමාණය විශාල ලෙස වැඩිවීම හමුවේ පොලී අනුපාත මත පීඩනයක් ඇතිවිය.
සෛවරීත්ව බැඳුම්කර නිකුතුවෙන් පසුව අගෝස්තු අවසන් වනවිට මෙරට විදේශ සංචිතය ඩොලර් මිලියන 8,050.1 ක් තරම් ඉහළ අගයක් ගත් අතර ඒ කාලය වනවිටද පොලී අනුපාත මත පීඩනය වර්ධනය වී තිබුණි.

No comments:

Post a Comment