Saturday, December 10, 2011

ලාල්කාන්ත වැටුප් අහෝසි කර ගැනීම සඳහා වූ සටනක


lankahotnews.org
කම්කරු නායකයෙක් වෘත්තීය සමිති නායකයෙක් වැටුප් සටන් පමණක් කරමින් සිටින්නේනම් එම නායකයෝ ධනපති ක‍්‍රමයේ ඒජන්තයින් බවත්, එවැනි වෘත්තීය සමිති ප‍්‍රතිගාමී බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඞී. ලාල්කාන්ත මහතා
ප‍්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ  කොළඹදී පැවති ලංකා ටෙලිකොම් සේවා සංගමයේ 7 වන වාර්ෂික සමුළුව අමතමිනි.

එහිදී ඔහු තවදුරටත් මෙසේ පැවසීය. ‘‘කම්කරු පන්තියට සිය අයිතිවාසිකම් දිනා ගැනීමේදී ඒ ආණ්ඩුව රතුද කොළද, නිල්ද කියන එක අදාල නෑ. අපිට ජීවත් වීමට සරිලන වැටුපක් අවශ්‍යයි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලනය තුල වැඩකරන ජනතාවට තම ජීවිතය කප්පාදු කර ගැනීමට වී තිබෙනවා.

අයවැය ආණ්ඩුව ඉදිරිපත් කළා පොල්ගෙඩි අකුරින් පත්තරවල පළවුණා වැටුප් වැඩිවුණා කියලා. එහෙම වුණාද? නෑ. එක්කෝ මහින්ද මහත්තයා දන්නේ නෑ. වැටුප් හා දීම හා අතර වෙනස. එක්කෝ අපේ හිතවත් මාධ්‍යවේදීන් දන්නේ නෑ. මේ වැටුප් හා දීමනා අතර වෙනස. මහින්ද මහත්තයාගේ පාලනය කාලයේ හැටියට ජීවත් වෙන්න නම් රුපියල් 16000 කින් වැටුප් වැඩිවෙන්න  ඕනෑ. අපි අරගල කරලා දිනගෙන ඇත්තේ රුපියල් 6000 ක දීමනාවක් විතරයි. අපිට තව අවම වශයෙන් 10000 ක් දිනා ගත යුතුව තිබෙනවා.

මේ පාර අයවැයෙන් පුද්ගලික අංශය ගැන දශමයක කථාවක් නෑ. සමහර මුදල් ඇමතිවරු සභාග ආණ්ඩුවල හිටියා. පුද්ගලික අංශයට වැටුප් වැඩිකරන්න කියලා අඩුම ගානේ හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටියා. මේ රටේ පුද්ගලික අංශයේ සේවක පිරිස ලක්‍ෂ 65 ක් පමණ සිටිනවා. රටේ ජනගහනයෙන් කෝටි 2ක්.

පුද්ගලික අංශයේ සමහර ආයතනවල අයට එනම් සාප්පු හා කාර්යාල හෝටල් වැනි ආයතනවල අයට වැටුප් දිනා ගැනීමට කේවල් කිරීමේ හැකියාවක් නෑ. මේ සේවකයින් ගැන වගකීමක් ආණ්ඩුවට තියෙනවා. අපි චන්‍ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුව කාලේදී රුපියල් 1000 ක වැටුප් වැඩිවීමක් ඒ සේවකයින් වෙනුවෙන් වැඩිකරව ගත්ත.

වැඩකරන පන්තියේ සාන්තුවරයා දාර්ශනිකයා කාල් මාක්ස්. ඔහු ප‍්‍රාග්ධනය කියන පොතෙන් කිව්වා වැඩකරන ජනතාව ලෙස අපිත් භාණ්ඩයක් විකුණනවා. ඒ තමයි ශ‍්‍රමය නමැති භාණ්ඩය කියලා. අපි භාණ්ඩයක් දීලා ගාණක් කියනවා. ඒකට කියන්නේ වැටුප කියලා. අපි කොටසක් ඉතුරු කරලත් දෙනවා. ඒකට කියන්නේ ලාභය කියලයි. ඒ ලාභ කඳු ගොඩ ගහගෙන ඉන්නේ ධනපති පන්තියයි. අපි ඉල්ලන්නේ අපේ ලාභයයි. අපි වැඩවර්ජනය කියලා කියන්නේ අපේ භාණ්ඩය පරණ ගාණට දෙන්න බෑ. කියන එකයි. කම්කරු පන්තිය මේ භාණ්ඩය පරණ ගානට දෙන එක නතර කළොත් ලෝකයම නතර වෙනවා.

ලාභ කඳු ගොඩගහන සමාජය පවතින තුරු වැඩ කරන ප‍්‍රමාණය, වැඩ කරන ජනතාවට නොලැබෙන තුරු වැටුප් සටන් පවතිනවා. ධනපති සමාජය තිබෙන තුරු, මහින්ද රාජපක්‍ෂ, රනිල් වික‍්‍රමසිංහ නායකයින්ගේ ධනපති පක්‍ෂ තිබෙන තුරු වැටුප් සටන් පවතිනවා.

හැකියාව අනුව වැඩකරනවා. වැඩ කරන ප‍්‍රමාණයට අනුව ගෙවන්නේ නෑ. දැන් තියෙන්නේ එවැනි ආර්ථික ක‍්‍රමයක්. එය වැඩ කරන පන්තියට අසාධාරණයක්. වැඩ කරන පන්තිය ලෙස අපි ශ‍්‍රමය නමැති භාණ්ඩය දීලා ගාණක් ගන්නවා. ඒකට වැටුප කියනවා. අපි වැඩ කරල ටිකක් ඉතුරුත් කරලා දෙනවා. අපි කරන වැඩෙන් කොටසයි අරන් එන්නේ. ඒක තමයි මාක්ස් හෙළිදරව් කරන්නේ. මේ ලාභ ගොඩවල් ධනපති පන්තිය කඳු ගහගෙන ඉන්නවා.

ගස්ලබු ගෙඩියේ ඉඳන් මකනකෑල්ල පැන්සලය කිරිපිටි සියල්ල වැඩිවෙලා. ඒත් අපේ භාණ්ඩය මිල එදා එකමයි. එදා වී කිලෝවක මිලමයි අදත් තියෙන්නේ.

වැඩ කරන පන්තියට අවශ්‍ය සමාජවාදය. එය ගෙන ඒමට පක්‍ෂයක්  ඕනෑ. එතකොට ඒක කම්කරු පන්තියේ වැඩකරන පන්තියේ දේශපාලනය ධනපතියන්ට හතුරු දේශපාලනය.

වෘත්තීය සමිති ව්‍යාපාරයලෙස මේ සිස්ටම් එක ඇතුළේ අපිට සටන් 2 ක් තියෙනවා. එකක් වැටුප් සටන. අනික වැටුප අහෝසි කර ගැනීම සඳහා වූ සටන. ඒ සටන කියන්නේ සමාජවාදය. ඒ නිසා අපි වෘත්තීය සමිති ව්‍යාපාරය විදියට සංවිධානය වෙන්න  ඕනෑ. සාමාජිකයින් තව තව එකතු කරන්න  ඕනෑ. සටන් කරන්න  ඕනෑ. කම්කරු පන්තියේ සටන මහින්ද මහත්තයා කරල දෙන්නේ නෑ. ඒක ඔය ලාබ කඳු ගොඩගහන අය අරන් දෙන්නේ නෑ. ඒ නිසා තමයි අපි කියන්නේ වැඩ කරන පන්තියේ වැටුප් සටනට අමතරව සමාජවාදය සඳහා වන සටනකුත් තියෙනවා කියලා. වැටුප් සටන් විතරක් කරලා නතර වෙන වෘත්තීය සමිතිත් රටේ තියෙනවා. ඒවා ධනපති ක‍්‍රමය පවත්වාගෙන යාම වෙනුවෙන් තිබෙන වාත්තීය සමිතියි. ඒ නිසා අපි කියනවා ඒ වෘත්තීය සමිති ප‍්‍රතිගාමියි කියලා.

වෘත්තීය සමිති ව්‍යාපාරයක් නම් එය තුළ පන්ති සටනක් තිබිය යුතුයි. පන්ත් සටන හා පන්තියේ සටන කියන්නේ දෙකක්. පන්ති සටනකචී වැටුප් සටන අහෝසි කරලා වැඩ කරන ප‍්‍රමාණයට ලබා ගැනීමේ සටනක් තිබෙනවා. අපි ඉන්නේ පංති සටනක. ඒ නිසා මේ වෘත්තීය සමිති ව්‍යාපාරය ආරක්‍ෂා කරන්න  ඕනෑ. ඒ නිසා මීට එරෙහිව කවුරු හරි කටයුතු කරනවා නම් අපිට අතරමැද සමාදාන නෑ.

No comments:

Post a Comment