Tuesday, December 13, 2011

රාජපක්ෂ පවුල් වාදය නිසා රජයේ මාධ්‍යය ජනතාවගෙන් දුරස් වෙලා - නාමල් රාජපක්ෂ


lankahotnews.org
රජයේ මාධ්‍ය ආයතන රාජපක්ෂ පවුලේ නාලිකාවක් බවට පත්වී ඇතැයි විපක්ෂය විසින් නගනා චෝදනාවන් තමන්ද පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
එය එසේ නොවිය යුතු බව තමන් පිළිගන්නා බවත්,
ඒ පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුවිය යුතු බවත් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ වැය ශිර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමිනි.
පසුගිය කාලයේ මමයි ජනාධිපතිතුමයි අපේ අම්මයි මල්ලිලා දෙන්නයි නිව්ස් බලනකොට පලවෙනි නිව්ස් එක ජනාධිපතිතුමා ගැන,දෙවෙනි නිව්ස් එක කතානායකතුමා ගැන..තුන්වෙනි එක බැසිල් ඇමතිතුමා ගැන..හතර ගෝඨාබය රාජපක්ෂ ඇමතිතුමා ගැන..ක්‍රීඩා පුවත්වල යනවා නාමල් රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ රගර් ක්‍රීඩා කරා කියලා.

ගරු කතානායකතුමනි,අන්තිමට ඕකෙන් බැනුම් අහන්න වෙන්නේ අර පැත්තක ඉන්න මල්ලිලා දෙන්නයි අපේ අහිංසක අම්මයි..පවුල් වාදය නිසා..

මම ඉල්ලීමක් කරනවා ගරු සභාපතිතුමන්ලට ඒ ආයතනවලින්...මන් හිතන්නේ ජනාධිපතිතුමා දවසකට රැස්වීම් දහයකට පහළොවකට සහභාගී වනවා..කතානායකතුමා මේ සියලු දෙනාම...
රටේ සෑම ජනකොට්ඨාශයක් සමගම කටයුතු කරනවා..

ඉතින් අවශ්‍යය දේ පමණක් දාන්න..මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ක් ඉන්නවා..පළාත්සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඉන්නවා..ඒ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න.චෝදනා ඉදීරිපත් කරන්න..මොකද එතකොට තමා රජයේ මාධ්‍යය ජනතාවට වඩා සමීප වෙන්නේ..ජනතාව ඒ මාධ්‍යය කියන දේවල් පිළිගන්න"

මෙහිදී අදහස් දැක්වූ  ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රී පී.අරියනේන්ද්‍රන් මහතා
රජයේ ජනමාධ්‍යයන් රාජපක්ෂ පවුලේ නාලිකා බවට පත්ව ඇති බවට වසර ගණනාවක් තිස්සේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දුන්නද,ඒ බව මෙතෙක් රජයේ කිසිදු අමාත්‍යවරයකු පිළිනොගත් බවත්,ඒ බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පිළිගැනීම සතුටට කරුණක් බවත් පෙන්වා දුන්නේය.

ජනමාධ්‍ය අමාත්‍යංශය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ලබාදිය යුතු බවත්,එසේ වුවහොත් මාධ්‍යවේදීන්ගේ බොහෝ ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇති බවත් පී.අරියනේන්ද්‍රන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment