Tuesday, December 13, 2011

ප්ලාස්ටික් කූඩ ප්‍රශ්නය දේශපාලන වාසියට ගන්න එපා ඇමති ජොනි, ජවිපෙට කියයි


lankahotnews.org
එළවළු හා පළතුරු ප්‍රවාහනයේ දී ප්ලාස්ටික් කූඩ භාවිතය සඳහා ගනු ලැබූ තීරණය කිසිඳු හේතුවක් මත යළි ආපස්සට නොගන්නා බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අනාරක්ෂිත ලෙස ගෝනි මඟින් එළවළු හා පළතුරු ප්‍රවාහනය කරන්නන්ට එරෙහිව අඛණ්ඩව නීතීය ක්‍රියාත්මක කරන බව ඔහු පෙන්වා දෙයි.
ප්ලාස්ටික් හා ලී ඇසුරුම්වල එළවළු ප්‍රවාහනය කිරීමේ දී ඇතිවන්නා වූ යම් යම් ප්‍රායෝගික ගැටලු සඳහා විසඳුම් ලබාදීමට සිය අමාත්‍යාංශය අවධානය යොමු කර ඇතැයි ද ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි.
මේ අතර ත්‍රී රෝද රථ සහ අත් ට්‍රැක්ටර් යන වාහනවල එළවළු හා පළතුරු ප්‍රවාහනයේ දි ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවාර්ය නොවන බව ඔහු සඳහන් කළේය.
තවද එළවළු ගබඩා කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීම කෙරෙහි ද අවධානය යොමු කර ඇති බව කොළඹ දී අද(13) පැවති මාධ්‍ය හමුවක දී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කොළඹ මැනිං වෙළඳපළේ හෙට දිනයේ දී එළවළු වෙළඳාම් සිදුනොකළහොත් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය මඟින් කොළඹ ප්‍රදේශයේ එළවළු බෙදා හැරීමේ කටයුතු සිදුකිරීමට පියවර ගන්නා බව ඔහු එහි දී පැවසුවේය.
මෙහිදී ජවිපෙ දේශපාලන වාසි නොගත යුතු බවත් ඇමති තුමා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment